Friday, November 25, 2016
ද්විතීය කතා අපෝහන
මුහම්මද් ඇත්ත නබිවරයෙක් ද, මුස්ලිමුන් හරි ලෙස පිළිගන්නා අනික් නබිවරුන් ට අනුව
1. "එහෙත් *කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ* අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය." - (ද්වීතීය කථාව 18:20)
මෙතන, බයිබලය කියනවා බොරු නබි කෙනෙක් හඳුනා ගත හැකි ක්‍රම 2ක්. මුහම්මද් මේ කිසියම් වරදක් කළා ද?
තබරි ගේ ඉතිහාසය පොතේ, අපි කියවනවා,
2 "මම දෙවියන් ට එරෙහි ව කතා හදලා, ඔහු ගේ නමින් ඔහු කතා නො කළ වචන පිට කරලා"
තබරි ගේ ඉතිහාසය, වෙළුම 6 පි 111
දැන් ආයෙත් බලන්න ද්විතීය කතා වල කියන කාරණේ දිහා
3 ද් 18 20
ඒත් තෝරාව මිනිස්සු හදලා, අර කාරණාව ඇතුලත් කළා වෙන්න බැරි ද? කුරානෙ, අල්ලහ් කියනවා,
4
ආලි ඉම්රාන් 3:3
نَزَّلَ عَلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ
(මුහම්මද්,) සත්‍යයෙන් යුත් මෙම ධර්ම ග්‍රන්ථය ඔහු ඔබට පහළ කළේය. මෙය තමාට පෙර පැවති දේ4 සත්‍ය කරවයි. *මීට පෙර මිනිසුන්ට යහ මග පෙන්වීම සඳහා ඔහු තව්රාතය ද ඉන්ජීලය ද පහළ කළේය.*
ආලි ඉම්රාන් 3:4
مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ ٱلْفُرْقَانَۗ إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌۗ وَٱللَّهُ عَزِيزٌ ذُو ٱنتِقَامٍ
(අසත්‍යයෙන් සත්‍යය) වෙන් කර දක්වන මාර්ගෝපදේශය ද පහළ කළේය. අල්ලාහ්ගේ වැකි පිළිගැනීමට ප්‍රතික්ෂේප කරන්නන්ට දරුණු වේදනාවක් ඇත. අල්ලාහ් අබිබවන්නෙකි. දඬුවම් කරන්නෙකි.
එහෙනම්, කුරානය ට අනුව, තෝරාව සහ ගොස්පෙල් එක ආවෙ අල්ලහ් ගෙන්; ඒ තෝරාව ම කියනවා බොරු නබියෙක් හඳුනා ගන්න ක්‍රමය; සහ තබරි ගේ ඉතිහාසය පොත කියනවා මුහම්මද්, අල්ලහ් නොකී දේවල් කිව් බව.
තෝරාව, අල්ලහ් හෙළි කළ පසු විකෘති වුණා වෙන බැරි ද? කුරානෙ කියනවා,
5
අල්-කහ්ෆ් 18:27
وَٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَۖ لَا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ وَلَن تَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًا
(මුහම්මද්,) ඔබේ දෙවියන්ගේ ධර්ම ග්‍රන්ථයෙන් ඔබට දැනුම් දෙනු ලබන දේ ප්‍රකාශ කරන්න. *ඔහුගේ වචන වෙනස් කරන්නෙක් නැත*.30 ඔහු හැර කිසිඳු රැකවරණයක් ද ඔබ නොදකින්නෙහි ය.
අල්ලහ් මේ කියන්නෙ තමන් එවූ මුල් තෝරාව ගැන ද, නැත්නම් මුහම්මද් ගෙ කාලෙ යුදෙව්වො ළඟ තිබූ විකෘති තෝරාවක් ගැන ද? කුරානෙ කියනවා,
6
අල් මාඉදා 5:43
وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوْرَىٰةُ فِيهَا حُكْمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنۢ بَعْدِ ذَٰلِكَۚ وَمَآ أُو۟لَٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ
*ඔවුන් වෙත තව්රාතය ඇත. එහි අල්ලාහ්ගේ නියෝගය ද ඇත*. ඉන් පසු ද ඔවුහු එයට පිටු පාමින් සිටිති. තත්ත්වය මෙසේ තිබිය දී ඔවුහු ඔබ විනිශ්චය කරුවෙකු ලෙස පිළි ගන්නේ කෙසේ ද? ඔවුහු විශ්වාස කළ අය නොවෙති.
පැහැදිලිව ම, අල්ලහ් තෝරාව එව්වා, යුදෙව්වන් එය විකෘති කළේ නැහැ, තෝරාව කියනවා අල්ලහ් නොකී කතා කියන්නෙ බොරු නබිවරුන් බව, සහ මුහම්මද් කිව්වා අල්ලහ් නොකී දේවල්
පහත දැක්වෙන්නේ වගන්තිය ට අදාල පසු බිම හදීසය යි
7
හදීසය
حَدَّثَنَا أَحْمَدُ بْنُ سَعِيدٍ الْهَمْدَانِيُّ، حَدَّثَنَا ابْنُ وَهْبٍ، حَدَّثَنِي هِشَامُ بْنُ سَعْدٍ، أَنَّ زَيْدَ بْنَ أَسْلَمَ، حَدَّثَهُ عَنِ ابْنِ عُمَرَ، قَالَ أَتَى نَفَرٌ مِنْ يَهُودَ فَدَعَوْا رَسُولَ اللَّهِ صلى الله عليه وسلم إِلَى الْقُفِّ فَأَتَاهُمْ فِي بَيْتِ الْمِدْرَاسِ فَقَالُوا يَا أَبَا الْقَاسِمِ إِنَّ رَجُلاً مِنَّا زَنَى بِامْرَأَةٍ فَاحْكُمْ بَيْنَهُمْ فَوَضَعُوا لِرَسُولِ اللَّهِ صلى الله عليه وسلم وِسَادَةً فَجَلَسَ عَلَيْهَا ثُمَّ قَالَ ائْتُونِي بِالتَّوْرَاةِ " . فَأُتِيَ بِهَا فَنَزَعَ الْوِسَادَةَ مِنْ تَحْتِهِ فَوَضَعَ التَّوْرَاةَ عَلَيْهَا ثُمَّ قَالَ " آمَنْتُ بِكِ وَبِمَنْ أَنْزَلَكِ " . ثُمَّ قَالَ " ائْتُونِي بِأَعْلَمِكُمْ " . فَأُتِيَ بِفَتًى شَابٍّ ثُمَّ ذَكَرَ قِصَّةَ الرَّجْمِ نَحْوَ حَدِيثِ مَالِكٍ عَنْ نَافِعٍ ."
අබ්දුල්ලහ් ඉබ්න් උමාර් කිව්වා:
යුදෙව් කාණ්ඩයක් ඇවිත් අල්ලහ් ගේ පණිවුඩකරු ට කුෆ් වල ට කතා කළා. ඉතින් ඔහු ඔවුන් ව ඔවුන් ගේ පාසලේ දී හමු වුණා.
ඔවුන් කිව්වා: අබු ල්කාසිම්, අපේ මිනිහෙක් ගැහැණිය ක හා අනාචාරයේ හැසිරීලා තියනවා; ඉතින් ඔවුන් නීතිය ඉදිරිය ට පමුණුවන්න. *ඔවුන් පැණවූ කොට්ටය මත හිඳගත් අල්ලහ් ගේ පණිවුඩ කරු කිව්වා: තෝරාව ගේන්න. ඉතින් තෝරාව ගෙනාවා. එතකොට ඔහු තමා ට පහතින් කොට්ටය ඇදලා, තෝරාව ඒ උඩ තියමින් කිව්වා : මම ඔබ ව ත්, ඔබ ව හෙළි කළ ඔහු ව ත් විශ්වාස කරනවා. ඔහු ඉන්පසු කිව්වා*: ඔබ අතරින් උගතෙක් මා ළඟ ට එවන්න. ඉතින් තරුණයෙක් ව ගෙනාවා. කථිකයා කිව්වා පුවතේ ඉතුරු කොටස මලික් කිව් නාෆි ගේ සිද්ධිය හා සමාන බව '(අංක 4431).
හසන් (අල්-අල්බානි)
සුනන් අබි දාවුද් 4449
පොතේ : පොත 40, හදීස් 99
ඉංග්‍රීසි පරිවර්තනය : පොත 39, හදීස් 4434
මෙතන අපි ට පේනවා මුහම්මද් තනිකර තෝරාව මත රඳා පැවතුණ බව. පේන විදිය ට නම්, ඒක විකෘති වුණු බව ඔහු කොහොමට වත් විශ්වාස කළේ නැහැ.
මෙන්න ආයෙත්, කුරානය, තෝරාව තහවුරු කරනවා. අල්ලහ් කියනවා,
8
අල්-අ'රෆ් 7:157
ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِىَّ ٱلْأُمِّىَّ ٱلَّذِى يَجِدُونَهُۥ مَكْتُوبًا عِندَهُمْ فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ يَأْمُرُهُم بِٱلْمَعْرُوفِ وَيَنْهَىٰهُمْ عَنِ ٱلْمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيْهِمُ ٱلْخَبَٰٓئِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَٱلْأَغْلَٰلَ ٱلَّتِى كَانَتْ عَلَيْهِمْۚ فَٱلَّذِينَ ءَامَنُوا۟ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُوا۟ ٱلنُّورَ ٱلَّذِىٓ أُنزِلَ مَعَهُۥٓۙ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
ඔවුහු කියවීමට හා ලිවීමට නොදන්නා මෙම දූතයා, මෙම නබිවරයා (මුහම්මද්) අනුගමනය කරති. *තමන් වෙතැති තව්රාතයෙහි ද ඉන්ජීලයෙහි ද මොහු ගැන සඳහන් වී තිබීම* ඔවුහු දකිති.) මොහු යහපත ඔවුනට අණ කරයි. අයහපත ඔවුනට වළක්වයි. පිරිසිදු දේ ඔවුනට අනුමත කරයි. අපිරිසිදු දේ ඔවුනට තහනම් කරයි. ඔවුන්ගේ බර ද ඔවුන් කෙරෙහි වූ (එකට බඳින ලද) විලංගු ද ඉවත් කරයි. මොහු විශ්වාස කොට මොහුට ගෞරව කර මොහුට උදව් කර මොහු සමඟ පහළ කරන ලද ආලෝකය ද අනුගමනය කරන්නෝ ජය ලද්දෝ ය.
මුහම්මද් ගැන තෝරාවෙ සඳහන් වෙනවා ද? තෝරාවෙ තියනවා තමන් ගෙන් පස්සෙ එන නබි කෙනෙක් ගැන මෝසස් කියන අවස්ථාවක් ගැන
9
"මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය." - (ද්වීතීය කථාව 18:18)
"මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් පළිගන්නෙමි." - (ද්වීතීය කථාව 18:19)
මේ වගන්තියේ කියන්නෙ, මෝසස් ගෙන් පසු පහළ වන, මෝසස් ගෙ පණිවුඩය සනාථ කරන නබි කෙනෙක් කියල විතරයි. ඒ මුහම්මද් කියලා උපකල්පනය කරලා, අපි ට කියන්න සිදු වෙනවා බොරු නබිවරුන් අල්ලහ් තමා ට නොකී දේවල් තමා මිනිසුන් ට කියන බව සහ, මුහම්මද් ඒ වරද කළ බව. ආයෙත් බලන්න ද්විතීය කතා 18 20 වගන්තිය දිහා
10
ද් 18 20
මෙන්න, තබරි වාර්තා කරනවා, මුහම්මද් අල්ලහ් ගේ නොවන හෙළිදරව්වක් හෙවත් "සාතනික වගන්ති" කී අවස්ථාව
11
අල්ලහ් ගේ පණිවුඩ කරු දැක්කා ම තමා ගෙ ගෝත්‍රයේ අය තමා ට පස්ස හරවලා තමා ගෙ වචනය ප්‍රතික්ෂේප කළ බව, ඔහු බොහොම දුකින් ගල් ගුහාව ට වෙලා කල්පනා කළා. ඔහු දැනගත්තා තමා ව තම ගෝත්‍රය හා එකතු කරන හෙළිදරව්වක් අල්ලහ් ලබා දෙන බව. ... පසුව අල්ලහ් හෙළි කළා:`
බැස යන තරු වල නාමයෙන්, ඔබේ නායකයා ට අමතක වන්නේ ද නැත, ඔහු රැවටෙන්නේ ද නැත ; ඔහු (තම) කැමැත්තෙන් ම කතා කරන්නේ ද නැත...
මේ වචන වල ට ආවා ම:
ලාත්, උස්සා ගැන ද වෙනත් තුන් වන මනාත් ගැන ද නුඹලා සිතුවෙහු ද?
*සාතන් ඔහු ගේ දිව ට ඇතුලු වුණා*. ඔහු ගේ අභ්‍යන්තර අරගලය සහ, තමා ගේ මිනිසුන් වෙනුවෙන් ඔහු ට ගෙන්විම ට අවශ්‍ය වූ දේ නිසා ඔහු ට කියවුණා:
ඉහළ ඉගිලෙන දොඹකර මොවුන් ය ; අනිවාර්යයෙන් ඔවුන් ගේ අතර මැදි බව, සහතික කිරීමෙන් යුතුව පිළිගනු ලැබේ
තබරි ගේ ඉතිහාසය, වෙ 6 පි 108
අල්ලත්, අල් උස්සා සහ අල් මනාත් කියන්නෙ ඒ කාලෙ හිටි අරාබි පිළිම වන්දනාකරුවන් ඇදහූ දේවතාවියන්. මුහම්මද් තමන් ගේ බහුදේවවාදය අනුමත කළා කියලා හිතලා, ඔවුනුත් මුහම්මද් එක්ක ම වැඳ වැටුණා.
12
ඔවුන් ට ඇසුණු තමන් ගෙ දේවතාවියන් ගැන කී ප්‍රකාශ නිසා ඔවුන් වැඳ වැටෙද්දී, විශ්වාසකරු, අවිශ්වාසකරු ආදී මස්ජිදය තුල වන් සියල්ලන් වැඳ වැටුණහ.
පි 109
මුහම්මද් සතුටු වුණත්, බහු දේවවාදීන් තමන් එක්ක එකඟ වූ බව හිතලා, ඒ සතුට වැඩි කල් පැවතුණෙ නැහැ.
13
ගේබ්‍රියල්, අල්ලහ් ගේ පණිවුඩ කරු වෙත ඇවිත් කිව්වා, "මුහම්මද්, ඔබ මොකද්ද මේ කළේ? ඔබ කිව්වෙ මම ඔබ ට නොකිව් දෙයක්. ඔබ කිව්වේ අල්ලහ් නොකිව් දෙයක්."
පි 109
මුහම්මද් කොතරම් කනගාටු වුණා ද කිව්වොත් ඔහු පාපොච්චාරණය කළා,
14
"මම අල්ලහ් ට එරෙහි ව දේවල් ප්‍රබන්ධ කළා.
මම ඔහු නමින් ඔහු නොකී වචන ප්‍රකාශ කළා"
පස්සෙ, අල්ලහ් නබි ව සනසන්න වගන්තියක් එව්වා
පි 111
15
මේ වගන්තිය ලැබෙන තුරු ම ඔහු බයේ ගැහෙමින් හිටියා :
[11961 (මුහම්මද්,) අපි ඔබට පෙර එවූ කුමන නබිවරයෙක් වූවත් දූතයෙක් ... අල්ලාහ් සර්වඥයෙකි,ප්‍රඥාවන්තයෙකි.
පි 112
කුරානෙ කියනවා,
16
අල් හජ්ජ් 22:52
وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ ثُمَّ يُحْكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
(මුහම්මද්,) අපි ඔබට පෙර එවූ කුමන නබිවරයෙක් වූවත් දූතයෙක් වූවත්398 ඔහු පාරායණා කරන විට ෂෛතාන් ඔහුගේ පාරායණයෙහි (සාවද්‍ය වූ අවුලක්) නොදමා සිටියේ නැත.294 කවරෙකුගේ සිතෙහි රෝගයක් තිබේ ද ඔවුනට ද රළු සිතක් තිබෙන අයට ද ෂෛතාන් දැමූ දේ පරික්ෂණයක් කරනු පිණිස අල්ලාහ් ෂෛතාන් දැමූ දේ වෙනස් කරයි. පසුව තම වැකි ස්ථීර කරයි. අල්ලාහ් සර්වඥයෙකි,ප්‍රඥාවන්තයෙකි.
ඒත් ඇයි අල්ලහ් සාතනික ප්‍රකාශ වල ට ඉඩ දුන්නෙ?
17
අල් හජ්ජ් 22:53
لِّيَجْعَلَ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ فِتْنَةً لِّلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْقَاسِيَةِ قُلُوبُهُمْۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَفِى شِقَاقٍۭ بَعِيدٍ
කවරෙකුගේ සිතෙහි රෝගයක් තිබේ ද ඔවුනට ද රළු සිතක් තිබෙන අයට ද ෂෛතාන් දැමූ දේ පරික්ෂණයක් කරනු පිණිස අල්ලාහ් ෂෛතාන් දැමූ දේ වෙනස් කරයි. පසුව තම වැකි ස්ථීර කරයි. අල්ලාහ් සර්වඥයෙකි,ප්‍රඥාවන්තයෙකි. අපරාධකරුවෝ (සත්‍යයෙන්) ඈත් වූ මත භේදයක සිටිති’
දැන් එතකොට, අල්ලහ් පරීක්ෂණයක් කළා, තමන් ව බොරුවක් අ අදහන අය හොයාගන්න?
මෙහෙම තමා අල්ලහ් පරීක්ෂණ කරන්නෙ?
මේක ගොතපු කතාවක් වෙන්න තෙ බැහැ. අවස්ථා 37 ක මේ කාරණය කියනවා. ඒ අවස්ථා ඔක්කොම මුල් කාලීන ඉස්ලාමීය විද්වතුන් දක්වා යනවා
18
සාතනික ප්‍රකාශ පිළිබඳ මුල් කාලීන මුස්ලිම් මූලාශ්‍ර
කාබ් අල් කුරාසි - 6
උර්වා ඉබ්න් අල් සුබයිර් - 5
අබු බකර් ඉබ්න් අබ්ඩ් අල්-රහ්මන් ඉබ්න් අල්-හරිත් - 2
අබු අල් අලියා අල් බස්‍රි - 5
අල්-සුද්දි - 2
මුහම්මද් ඉබ්න් අල්-සඉබ් අල්-කල්බි - 1
කතදා ඉබ්න් දියමා - 4
අල් දහබ් ඉබ්න් මුසහිම් අල් බල්කි - 1
ඉක්‍රිමා - 1
ඉබ්න් අබ්බාස් - 6
සයිඩද් ඉබ්න් ජුබයිර් - වෙනත් කිහිපයක්
මේක මුසලුවන් ට බොහොම හානිකරයි. මොන තරම් හානි කර ද කිව්වොත්, පසුකාලීන ව ඒ කොටස දියාරු කරලා, ඊට ත් පස්සෙ ඒ කතාව අතුරුදහන් වෙලා ම යනවා. බුහාරි වාර්ථා කළා,
19
හදීස්
حَدَّثَنَا أَبُو مَعْمَرٍ، حَدَّثَنَا عَبْدُ الْوَارِثِ، حَدَّثَنَا أَيُّوبُ، عَنْ عِكْرِمَةَ، عَنِ ابْنِ عَبَّاسٍ ـ رضى الله عنهما ـ قَالَ سَجَدَ النَّبِيُّ صلى الله عليه وسلم بِالنَّجْمِ وَسَجَدَ مَعَهُ الْمُسْلِمُونَ وَالْمُشْرِكُونَ وَالْجِنُّ وَالإِنْسُ. تَابَعَهُ ابْنُ طَهْمَانَ عَنْ أَيُّوبَ. وَلَمْ يَذْكُرِ ابْنُ عُلَيَّةَ ابْنَ عَبَّاسٍ.
ඉබ්න් අබ්බාස් කිව්වා :
නබි, සූරා අන් නජම් කියලා වැඳා. ඔහු එක්ක ම, මුස්ලිමුන්, නොමුස්ලිමුන්, ජින් ආදී සියල්ලන් වැන්දා
සහිහ් අල්-බුහාරි
යූ එස් සී - එම් එස් ඒ වෙබ් (ඉංග්‍රීසි) : වෙ 6, පොත් 60, හදීස් 385
අරාබි : පොත් 65, හදීස්4862
ඇයි බහුදේවවාදීන්, තමන් ගෙ දෙවිවරු ප්‍රතික්ෂේප කළ කෙනෙක් එක්ක සහයෝගී ව වඳින්නෙ,? මෙතන ලොකු අවුලක් තියෙනවා! !
20
හදීසයේ මාතෘකාව : අල්ලහ් වෙනුවෙන් දණින් වැටී, ඔහු ට (පමණක්) වඳින්න
"පමණක්" කියල අරාබියෙන් එන්නැහැ. මේ කියන්නෙ, පිළිම වන්දනාකරුවන්, මුස්ලිම් අය තෙ එක්ක අල්ලහ් ට වැඳා ට අල්ලහ් ට පමණක් නෙවෙයි වැන්දෙ. ඔවුන් තව කාට ද වැන්දෙ? අල්ලහ් ගේ දූවරුන් ට, සාතනික ප්‍රකාශ වල කිව්ව!
ඉතින්, දැන් තියනවා "ද්විතියීක කතා අපෝහන".
21
මෙන්න මේව තමා ද්විතීය කතා අපෝහන
පළමු අපෝහනය
ඇත්ත දෙවියන් වහන්සේ හා උන්වහන්සේ පමණක් පවතින බව උපකල්පනය කළොත්, බොරු දෙවිවරු ගැන කතා කරන්නා බොරු නබි කෙනෙක් (ද් 18 20). මුහම්මද් බොරු දේවතාවියන් ගැන කතා කළා. ඒ නිසා ඔහු බොරු නබි කෙනෙක්.
2වන අපෝහනය
අල්ලහ් හා අල්ලහ් පමණක් දෙවියන් වහන්සේ ලෙස පවතින බව උපකල්පනය කළොත්, අල්ලහ් ගෙන් නොපැමිණෙන හෙළිදරව්වක් මිනිහෙක් කියනවා නම්, ඔහු බොරු නබි වරයෙක් (ද් 18 20). මුහම්මද්, අල්ලහ් ගෙන් නොපැමිණි හෙළිදරව්වක් ලබාදීම නිසා ඔහු බොරු දේවදූතයෙක්.
22
පසුවදන : දැන් මුස්ලිම් අය මගෙන් අහවි මෙහෙම. "ඒත් සඳුපම, බයිබලය හෝ තෝරාව ට අනුව, ධම්මපදය වැරදි නේද? එතකොට බුදුන් ට හිමි තැන මොකද්ද?"
මේ තර්කය ධම්මපදය සහ බුදු හිමි පිළිබඳ ව අවළංගු වෙන කාරණා 2ක් තියෙනවා.
1 ධම්මපදය සහ තෝරාව අතර සබන්ධයක් නැහැ. ඒ කියන්නෙ, ධම්මපදය කියන්නෙ නැහැ තෝරාව හරි කියලා. ඒ නිසා, ධම්මපදය බොරු කරන්න තෝරාව භාවිත කරන්න බැහැ, තෝරාව බොරු කරන්න ධම්මපදය භාවිත කරන්න ඉඩ බොපවතින විදිහ ට.
2 බුදුන් වහන්සේ තමන් දේව දූතයෙක් (ප්‍රොෆට්) කියල කිව්වෙ ත් නැහැ; බහුදේවවාදයක් ඇති කළෙත් නැහැ (ඔහු අදේවවාදියෙක්); සරල ව, යුදෙව් ආගමේ කියන ප්‍රොෆට් ලා කියන විදිහෙ කිසිවක් කිව්වෙ නැහැ. එහෙනම්, මේ අවස්ථාව බුදු හිමි ට ගලපන්න බැහැ.
ඒ නිසා, මුස්ලිම් අය තේරුම් ගන්න, ඔබේ නබි ගෙ රෙදි ගැලවිලා ඉවර බව...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment