Wednesday, November 30, 2016

මුහම්මද් හා අයිශා


මුහම්මද් අයිශා සමඟ විවාහය "සම්මත" කරන විට, ඇය ට වයස අවුරුදු 9ක් විය (බුහාරි 3896, 5158, මුස්ලිම් 3310, 3311, අබු දාවුද් 2116)

ඔවුනතර සම්බන්ධතාව ආරම්භ වූයේ, මුහම්මද් දුටු සිහිනයකිනි (බුහාරි 3895)

මුහම්මද්, අයිශා විවාහ කරගැනීම ට අබු බකර් ගෙන් ඇසීය. මුලින් ප්‍රතික්ෂේප වූ නමුත් පසුව ඉඩ ලැබුණි (බුහාරි 5081)

විවාහය සම්මත කිරීම ට ඇය ගෙන යාම ට වසර 3ක් ගත වූයේ, ඇය අසනීප වූ නිසා ය (බුහාරි 3894)

අයිශා, මුහම්මද් ගේ ප්‍රියතම භාර්යාව වූ අතාර, සම අයිතීන් සඳහා අනික් බාර්යාවන් කළ ඉල්ලීම් ව්qඑඩක් නොවී ය (බුහාරි 2581)

මුහම්මද්, බාල ගැහැණු දරුවන් වැඩිහිටි පිරිමින් හා විවාහ වීම අනුමත කළේ ය (බුහාරි 2967, 6130)

පැහැදිලිව ම
1 මුහම්මද් විවාහය සම්මත කරද්දී අයිශා ඉතා ලාබාල ය
2 මුහම්මද් එම විවාහය ට අඩිතාලම දාගත්තේ ඔහු දුටු සිහිනයෙන් අනතුරුව ය
3 මුහම්මද් අයිශා ගේ ප්‍රියතම භාර්යාව යි

මෙම විවාහය, එකල අරාබිය ට ගැලපුණා ට දැන් නොගැලපිය හැකි බව ත්, මුහම්මද් කළේ එකල සම්ප්‍රදාය අනුගමනය කිරීම පමණක් බව ත්, පිළිගත නොහැක්කේ, මුහම්මද් එකල වූ සමහර සම්ප්‍රදායන් විවේචනය කළ නිසා ය (මව්දූදි, පි 53, 56)

මුහම්මද් යනු, සියලු මිනිසුන් ට නිදසුන කි (කුරාන් 33 21)

මුහම්මද් හා අයිශා අතර විවාහය අල්ලහ් පැනවූවක් විය නොහැක්කේ, එතරම් සාදාරණ හේතුවක් පෙනෙන්න ට නොමැති නිසා ය.

මෙවැනි නිදහස ට කරුණක්, ස්වාමියා ට තම භාර්යාව ට පහර දීමෙන් අනතුරුව ද ඉදිරිපත් කළ හැක (කුරාන් 4 34 ඊට ද අවසර දෙයි).

මුහම්මද්, අයිශා ට පහර දුණි (මුස්ලිම් 2127).

පෙර සඳහන් හදීසය ක ට අනුව, විවාහය සම්මත වන විට ත් අයිශා ඔන්චිල්ලා පදින, බෝනික්කන් හා සෙල්ලම් කරන, බාලවයස් දැරිය කි. අයිශා පැහැදිලිව ම, සාමාන්‍ය කුඩා දැරියක් පමණි.

මිනිසකු ට තම බිරිඳ දික්කසාද කිරීම ට නම්, මාස 3ක් සිටිය යුතු ය (කුරාන් 2 228). ඒ, ඇය ගැබිනියක් නොවන බව තහවුරු කිරීමට ය. කුරානයේ ම (කුරාන් 65 4),
1 ඔසප් චක්‍ර නැවතුණ ගැහැණුන්
2 ඔසප් චක්‍ර ආරම්භ නොවූ ගැහැණුන්
3 ගැබිණි නිසා මාස් චක්‍ර නොමැති ගැහැණුන්
දික්කසාද නීති සපයයි (කුරාන් 65 4 හිලාලි-කාන් විවරණය)

විවිධ පිළිගත හැකි කුරාන් ව්විවරණ ද සාක්ෂි සපයයි (ඉබ්න් කසීර්, ජලාල්වරු, ඉබ්න් අබ්බාස්)

විද්‍යාත්මක ව, වසර 9 ක දැරියක් දරුවන් වැදීම, තන කිරි දීම ආදිය ට මෝරා නොමැත.

මුහම්මද්, තමා බොහෝ වියපත් වූ පසු බාල වයක් දැරියක් විවාහ කරගනී. ඔහු ඉක්මණින් මිය ගියත්, ඔවුන් ට යළි විවාහ වීම ද තහනම් විය (කුරාන් 33 53). මෙය මහා අසාධාරණයක් නොවේ ද?

මුහම්මද් අයිශා විවාහ කරගත් ඇත්ත හේතු
1 ඇය ගැන සිහින මැවීම
2 ඇය ව තමා ට භාරදෙන ලෙස ඇගේ පියා ට හැඟවීම ට වූ හැකියාව

අනික් අය ත් මෙය කර ඇති බව දැක්වීම (නිදසුන, සිදුහත්-යශෝදරා විවාහය), විතර්කයක් පමණි. හේතුව, වයස 16 යනු විවාහය ක වගකීම් නොතේරෙන, දරුවන් වැදීම, තන කිරි දීම ආදිය නොකළ හැකි වයසක් නොවේ. අනික, සිදුහත් හා යශෝදරා අතර වයස් පරතරය දින 1 ක ට වැඩි නොවේ. මේ කිසිව ක ට වඩා වැදගත් කාරණාව, සිදුහත් යශෝදරා විවාහය ට අදාල කාරණා කිසිවක් බෞද්ධ මූලාශ්‍ර වලින් පෙන්වීම ට මුස්ලිමුන් අපොහොසත් වීම යි.

මුහම්මද් හා අයිශා අතර විවාහය අප විවේචනය කරන්නේ අප දන්නා මූලාශ්‍ර අනුව මිස, සිදුහත් යශෝදරා විවාහය ගැන මෙන් අප හුදෙක් අසා ඇති මූලාශ්‍ර අනුව නොවේ.

අනික, 16 වයස් ගැහැණුන්, නව වයස් අය ට වඩා ජීව විද්‍යාත්මක ව වෙනස් ය. ඔවුන් දරුවන් වැදීම ට හොඳින් සූදානම් ය.

අනික, සිදුහත් ව නියම පෘතග්ජන බෞද්ධයා ගේ ජීවන නිදසුන වශයෙන්, බුදු හිමි කිසි ම තැන ක පවසා නැත. මුහම්මද් සම්බන්ධ කතාව ඊට වෙනස් ය.

සමහර විට, අවුරුදු 9ක තරම් දැරිය ට දරුවන් වැදිය හැක. එහෙත්, එසේ වීමේ තේරුම එවැන්නන් විවාහ කරගැනීම සදාචාරවත් බව නොවේ.

උපයෝගී ග්‍රන්ථ
mawdudi, towards the understanding of islam
සහිහ් බුහාරි, සහිහ් මුස්ලිම්, සුනන් අබු දාවුද්

No comments:

Post a Comment