Thursday, December 1, 2016
මුහම්මද් ගේ පියා
මුස්ලිමුන් ගේ පොදු මතය, මුහම්මද් ගේ පියා අබ්දුල්ලා ඉබ්න් අබුල්මුතාලිබ් බව ය.
ඉබ්න් හිශාම්, නබි ගේ ජීවිත කතාව, වෙළුම 1 පිටුව 5 :
මුහම්මද්, අබ්දුල්ලා ඉබ්න් අබුල්මුතාලිබ් ගේ පුත්‍රයා ය.
ඇත්ත ට?
විශ්වසනීය ඉස්ලාමීය ග්‍රන්ථ වල ලියා ඇති දේවල් බලමු.
අබුල්මුතාලිබ් (මුහම්මද් ගේ සීයා) අබ්දුල්ලා (මුහම්මද් ගේ පියා) සහ අමීනා ගේ විවාහය සිදු කිරීම ට යන අතර, ඔහු තමා කැමති වූ ළඳක් (හලා) දැක ඇගේ අත ගැනීම ට විමසීය.
යුවලවල් 2ම අතර විවාහ සිදුවූයේ 1ම දවස ක ය.
ඉබ්න් සාද්, ප්‍රධාන පන්ති පිළිබඳ පොත, වෙ 1 පි 94-95 :
ඉතින්, අබුල්මුතාලිබ්, තම පුතු වූ අබ්දුල්ලා, නබි ගේ පියා, සමඟ ඔහු (වාහිබ්) වෙත ගොස්, අමීනා ව තම පුතු ට විවාහ කර දීම ට විමසා, විවාහ කරදුනි. එම අවස්ථාවේ ම, ඔහු හලා ව විවාහ කරගැනීම ට ඇසූ අතර, ඔහු (වාහිබ්) එම විවාහය කර දුනි. එනිසා, අබ්දුල්ලා සහ අබුල්මුතාලිබ් ගේ විවාහයන් සිදුවූයේ 1ම අවස්ථාවේ ය.
වැදගත් කරුණක් නම්, අබ්දුල්ලා හා අමීනා අතර විවාහය ත්, අබුල්මුතාලිබ් හා හලා අතර විවාහය ත් එක ම දවසේ සිදු වූ බව ය.
හලබි, සිරාත් අල්-හලබියියා, වෙ 1 පි 51 :
අබුල්මුතාලිබ් සහ ඔහු ගේ පුත් අබ්දුල්ලා විවාහ විඋයේ එක ම දවසේ ය.
අමීනා, මුහම්මද් සමඟ ගැබ් ගත් අතර, හලා, හම්සා ව බිහි කළාය.
පි 54 :
අබ්දුල්ලා, අමීනා සමඟ තම විවාහය තහවුරු කළ අතර, ඇය අල්ලහ් ගේ පණිවුඩකරු සමඟ ගැබ් ගත්තීය. එකල, හලා, හම්සා, අබ්දුල්මුතාලිබ් ගේ පුතා ව බිහි කළා ය.
අබ්දුල්ලා, මුහම්මද් කුසෙහි සිටිද්දී ම මාස කිහිපය ක ට පසු මිය ගියේ ය.
ඉබ්න් සාද්, ප්‍රධාන පන්ති පිළිබඳ පොත, වෙ 1 පි 99 :
අබ්දුල්ලා, මුහම්මද් කුසේ සිටියදී ම මියගියේය. ඔහු ඒ වාවිට 25ස් වයස් විය.
සාධක :
මුහම්මද් ගේ සීයා හා පියා 1ම දින ක විවාය වීම.
අබ්දුල්මුතාලිබ් + හලා = හම්සා
අබ්දුල්ලා + අමීනා = මුහම්මද්
අබ්දුල්ලා මියයද්දී, අමීනා මුහම්මද් ව කුසෙහි දරාගෙන සිටියා ය.
විය හැකියා 2 :
බිරින්දන් 2නා ම ගැබ් ගත්තේ එක ම කල නම්, මුහම්මද් හා හම්සා එක ම වයසේ විය යුතු ය.
මුහම්මද් = හම්සා
හලා ගැබ්ගත්තේ පසුව නම්, හම්සා, මුහම්මද් ට වඩා බාල විය යුතු ය.
මුහම්මද් > හම්සා
නමුත් මුහම්මද් ගේ පියා මියයද්දී, ඔහු උපත ලබා නැති නිසා, මුහම්මද්, හම්සා ට වඩා බාල විය නොහැක.
නමුත්, මුහම්මද්, හම්සා ට වඩා බාල වී ඇත!
ඉබ්න් හජාර්, අල් ඉස්බා ෆී තමීස් අස් සහබා, වෙ 2 පි 121 :
හම්සා, අබුල්මුතාලිබ් ගේ පුතා, උපන්නේ නබි ට වසර 4,5 ක ට පෙර ය
ඉබ්න් සාද්, ප්‍රධාන පන්ති පිළිබඳ පොත, වෙ 3 පි 10 :
හම්සා, උහුද් (සටන්) දවසේ දී මිය යදී, ඔහු ට වයස වසර 56ක් වූ අතර, ඔහු නබි ට වඩා වසර 4ක් වැඩිමහළු විය.
අපෝහනය :
මුහම්මද් බිහි වූයේ, හම්සා ට වසර කිහිපය ක ට පසු නිසා, මුහම්මද් බිහි වී ඇත්තේ, තම පියා මිය ගොස් වසර 4ක ට පසු ය!!
මෑත ඉතිහාසයේ වාර්තාගත දිගුකාලීන ම දරු ගැබ දින 375 කි.
මුස්ලිමුනි, මුහම්මද් ගේ ඇත්ත පියා කව්ද?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment