Thursday, December 15, 2016

කුරානයේ අහෝසි වූ වගන්ති

මම මෙහෙම කිව්වොත්? කුරානයේ වගන්ති තියෙනවා, ඒවා එහෙම ම තිබුණා ට අද ට යෙදෙන්නෙ නැහැ!

ඒව අහෝසි වෙලා තියෙනවා මුහම්මද් ජීවත් වූ කාලයේ ම!

ඒ කියන්නෙ, මෙන්න මෙහෙම යි. කුරාන් 2 106 ට අනුව,

"කිසියම් වැකියක් අපි වෙනස් කළෙමු නම් හෝ එය අමතක කෙරුවෙමු නම් හෝ එයටත් වඩා විශිෂ්ට දෙයක් හෝ එබඳු ම දෙයක් හෝ පිරිනමන්නෙමුග අල්ලාහ් සියලූ දේ කෙරෙහි බලසම්පන්නයෙකු බව ඔබ නොදන්නෙහි ද?"

සහ කුරාන් 22 52, 53 ට අනුව,

(මුහම්මද්,) අපි ඔබට පෙර එවූ කුමන නබිවරයෙක් වූවත් දූතයෙක් වූවත් ඔහු පාරායණා කරන විට ෂෛතාන් ඔහුගේ පාරායණයෙහි (සාවද්‍ය වූ අවුලක්) නොදමා සිටියේ නැත. කවරෙකුගේ සිතෙහි රෝගයක් තිබේ ද ඔවුනට ද රළු සිතක් තිබෙන අයට ද ෂෛතාන් දැමූ දේ පරික්ෂණයක් කරනු පිණිස අල්ලාහ් ෂෛතාන් දැමූ දේ වෙනස් කරයි. පසුව තම වැකි ස්ථීර කරයි. අල්ලාහ් සර්වඥයෙකි,ප්‍රඥාවන්තයෙකි. අපරාධකරුවෝ (සත්‍යයෙන්) ඈත් වූ මත භේදයක සිටිති’

මෙතන යෙදෙනවා "නනස්ක්" කියලා වචනයක්. මේකෙ තේරුම "ප්‍රතිස්ථාපනය (abrogate)" කියන එක. ඒ මිසක්, මේ සිංහල පරිවර්තනය කියන්නා වගේ වෙනස් කිරීමක් නෙවෙයි (වැඩි වෙනසකුත් නැහැ, නේද?).

ඒ කියන්නෙ, සමහර කුරාන වගන්ති තව සමහර කුරාන වගන්ති වලින් අහෝසි වෙනවා. එහෙම අහෝසි වූ වගන්ති බර ගණනක්, මුස්ලිම් විද්වතුන් හඳුනා ගෙන තියෙනවා. මේ ලිපියේ මගේ අරමුණ, ඒ මොනවා ද කියලා හඳුන්වා දෙන එක

ඉබ්න් කසීර් ගේ කුරාන විවරණය (තෆ්සිර් ඉබ්න් කසීර්), විවිධ ලිළිගත් පුවත් එකතූන් (සහීහ් අල්-බුක්හාරි, සහීහ් මුස්ලිම්, සුනන් අන්-නසායි, සුනන් අබු දාවුද්, ජමි අත්-තිර්මිද්සි, සුනන් ඉබ්න් මජා, මුවත්තා මලික්, රියාද් උස්-සාලිහීන්, ශමායිල් මුහම්මදියා, අල්-අදබ් අල්-මුෆ්‍රද්, බුලුග්හ් අල්-මරම්), සහ ඉස්ලාමීය ඉතිහාස ග්‍රන්ථ (අත්-තබරි ගේ ඉතිහාසය) යන මූලාශ්‍ර, මෙබඳු වගන්ති පවතින බව ට සාක්ෂි දරනවා.

ඉස්ලාමය තුල කියැවෙන අහෝසි කිරීම විවිධාකාරයි

1 වගන්තිය තිබියදී, යෙදීම වෙනස් වීම

නිදසුන : 2 240 වගන්තිය, 2 234 සහ 4 12 මඟින් අහෝසි වීම (තෆ්සිර් ඉබ්න් කසීර්, දාරුස්සලාම් ප්‍රකාශන, පි 603)

2 යෙදීම තිබිය දී, වගන්තිය අහෝසි වීම

නිදසුන : ගල් ගසා මැරීම පිළිබඳ වගන්තිය අතුරුදහන් වී ඇති බව ට ඔමාර් ඉබ්න් අල්-ක්හතාබ් සැක කිරීම (සහීහ් අල්-බුක්හාරි 6830)

නමුත් මේ දඬුවම අද ට ද මුස්ලිම් ගහුල ප්‍රදේශ වල ක්‍රියාත්මක වේ.

3 සාතන් යෙදූ වචන අල්ලහ් විසින් අහෝසි කිරීම

නිදසුන : කුරානයේ 53 21, 22 යන වගන්හි ලෙස අද පවතින ඒවා, මුලින් සාතන් මුහම්මද් ට ලබා දී, පසු ව අවළංගු කරපු ඒවා යි (තබරි ගේ ඉතිහාසය, වෙ 6 පි 106)

මේවා කුරානය ට විතරක් ආවේනික අහෝසි කිරීම්. ඊට අමතර ව තව අහෝසි කිරීම් පවතිනවා.

නිදසුන් : කුරානය විසින් සම්ප්‍රදාය (සුන්නහ්) අහෝසි කිරීම
සුන්නහ් විසින් කුරානය අහෝසි කිරීම
කුරාන වගන්ති සහ යෙදීම කියන 2ම අහෝසි වීම
වගන්තිය තිබිය දී යෙදීම වෙනස් වීම

කියන ඒවා.

දැන් අපි බලමු එහෙම අහෝසි වූ වගන්ති.

ඇත්ත ට ම එහෙම අහසි වීම් මහ ගොඩක් තියෙනවා. ඒ නිසා, ඔක්කොම මෙතන විස්තරාත්මක ව දාන්න අමාරුයි. ඒ වගේ ම, සමහර ඒවා ජාලීය ව අහෝසි වෙනවා ( ඒ කිව්වෙ, එකක් තවෙකකින් අහෝසි වෙලා, අහෝසි කළ වගන්තිය ආයෙත් අහෝසි වෙනවා. ඔහොම ඔහොම යනවා).

ඒ නිසා, වැදගත් කියලා හිතුණ අහෝසි වීම් විතරක් දාන්නම්. පස්සෙ එකතු කරන්න ඉඩ තියනවා අනෙක් ඒවා.

2 256 : මෙම ධර්මයෙහි කිසිඳු බල කිරීමක් නැත

109 1-6 : “(එකම) දෙවියන් ප්‍රතික්ෂේප කරන අයවලූනි, නුඹලා නැමදුම් කරන දැය මම නැමදුම් නොකරමි. මම නමදින්නාට නුඹලා නොනමදින්නෙහු ය. නුඹලා නමදින දැයට මම නමදින්නෙක් නොවෙමි. මම නමදින්නාට නුඹලා නමදින්නෝ නොවන්නෙහු ය. නුඹලාගේ ධර්මය නුඹලාට ය. මාගේ ධර්මය මට යැ”යි.

නමුත් මේ ඉගැන්වීම් අහෝසි වෙලා යනවා, 9 5 සහ 9 29න්.

9 5 : එබැවින් පුණ්ය වූ මාස අවසන් වූ වහාම එම සමානයන් කල්පනය කළ අය දුටු තැන ඝාතනය කරන්න. ඔවුන් අල්ලා ගන්න. ඔවුන් වටලන්න. සියලූ සැඟවුම් ස්ථානයක ම ඔවුන් වෙනුවෙන් රැක සිටින්න. ඔවුහු ශිෂ්ට වී සලාතය ඉටු කර සකාතය ද පිරිනැමුවහොත් ඔවුන්ගේ මාර්ගයෙහි ඔවුන් අත් හැර දමන්න.

9 29 :
අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස නොකර අල්ලාහ් ද ඔහුගේ දූතයා ද වැළක් වූ දැයින් නොවැළකී සත්ය ධර්මය අනුගමනය නොකළ අය අධම වී තම අත් වලින් ජිස්යා බදු ගෙවන තෙක් ඔවුන් සමඟ සටන් කරන්න

දැන් ටිකකට කලින් කිව්ව නේද "ආගම අනිවාර්ය නැහැ", "ඔබ ට ඔබේ ආගම; මට මගේ ආගම" කියලා? මේ මොකෝ වෙන්නෙ?

ඒ ප්‍රශ්නය ට ලැබෙන පිළිතුරින් කොටසක් උඩ 2 106 වගන්තියේ ඇතුලත්. ඒත්, පස්සෙ පහළ වුණේ මොන සූරාව ද කියලා බලාගන්නෙ කොහොමද?

මෙන්න මෙහෙම යි.

 1.  Hadith

Narrated Uthman ibn Affan:

Yazid al-Farisi said: I heard Ibn Abbas say: I asked Uthman ibn Affan: What moved you to put the (Surah) al-Bara'ah which belongs to the mi'in (surahs) (containing one hundred verses) and the (Surah) al-Anfal which belongs to the mathani (Surahs) in the category of as-sab'u at-tiwal (the first long surah or chapters of the Qur'an), and you did not write "In the name of Allah, the Compassionate, the Merciful" between them?

Uthman replied: When the verses of the Qur'an were revealed to the Prophet (ﷺ), he called someone to write them down for him and said to him: Put this verse in the surah in which such and such has been mentioned; and when one or two verses were revealed, he used to say similarly (regarding them). (Surah) al-Anfal is the first surah that was revealed at Medina, and (Surah) al-Bara'ah was revealed last in the Qur'an, and its contents were similar to those of al-Anfal. I, therefore, thought that it was a part of al-Anfal. Hence I put them in the category of as-sab'u at-tiwal (the seven lengthy surahs), and I did not write "In the name of Allah, the Compassionate, the Merciful" between them.

Da'if (Al-Albani)

Sunan Abi Dawud 786
In-book : Book 2, Hadith 396
English translation : Book 3, Hadith 785

 2.  Hadith

Narrated Ibn 'Abbas:

"I said to 'Uthman bin 'Affan: 'What was your reasoning with Al-Anfal - while it is from the Muthani (Surah with less than one-hundred Ayat), and Bara'ah while it is from the Mi'in (Surah with about one-hundred Ayat), then you put them together, without writing the line Bismillahir-Rahmanir-Rahim between them, and you placed them with the seven long (Surah) - why did you do that?' So 'Uthman said: 'A long time might pass upon the Messenger of Allah (ﷺ) without anything being revealed to him, and then sometimes a Surah with numerous (Ayat) might be revealed. So when something was revealed, he would call for someone who could write, and say: "Put these Ayat in the Surah which mentions this and that in it." When an Ayah was revealed, he would say: "Put this Ayah in the Surah which mentions this and that in it." Now Al-Anfal was among the first of those revealed in Al-Madinah, and Bara'ah among the last of those revealed of the Qur'an, and its narrations (those of Bara'ah) resembled its narrations (those of Al-Anfal), so we thought that it was part of it. Then the Messenger of Allah (ﷺ) died, and it was not made clear to us whether it was part of it. So it is for this reason that we put them together without writing Bismillahir-Rahmanir-Rahim between them, and we put that with the seven long (Surahs).'"

Hasan (Darussalam)

English : Vol. 5, Book 44, Hadith 3086
Arabic : Book 47, Hadith 3366

 සුරාත් අල්-බරා'ආ තමා එහෙනම් අන්තිම ට හෙළි වූ සූරාව (පරිච්ඡේදය). මේක, සුරාත් අත්-තව්බා (9 වෙනි සූරාව) ට කියන තවත් නමක්.

එහෙනම්, මුස්ලිම් අය අපි කෙරෙහි ඇත්ත ට ම ක්‍රියා කළ යුත්තේ කොහොමද කියලා දැන් පැහැදිලි ඇති නෙ?

No comments:

Post a Comment