විවේචනාත්මක විවරණය - 1
"අල්-කුරානය පිළිබඳව මුස්ලිම් නොවන අයගේ ප්‍රකාශයන්"
(http://truepath1.blogspot.in/2016/01/statements-of-non-muslims-regarding-al.html?m=1)
ආයුබෝවන්, පළමු "විවේචනාත්මක විවරණය" ලිපිය ට. මෙතන දි මම කරන්න යන්නෙ, ඉස්ලාමය ට උඩ ගෙඩි දීමේ අරමුණින් කෙනෙක් පළ කළ ලිපියක් අරගෙන, ඒක බොරුවම් කොයල ඔප්පු කිරීම යි. කුරානයේ 3 28 පරිච්ඡේදය ට අනුව,
(http://sinhalaquran.lk/surahsearch.jsp#)
"විශ්වාස කළ අයල විශ්වාස කළඅය හැර දමා (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අය භාරකරුවන් ලෙස නොගත යුතුය. ඔවුන්ගෙන් ආත්මාරක්ෂාව සලසා ගනු පිණිස මිස මෙසේ සිදු කරන්නාට අල්ලාහ්ගෙන් කිසි(ඳු ආරක්ෂා)වක් නැත. අල්ලාහ් තමා ගැන නුඹලාට අවවාද කරයි. (නුඹලාගේ) යළි පිවිසුම අල්ලාහ් වෙත ම ය."
මේ මොකද්ද කියන්නෙ? අපෙන් ආත්මාරක්ෂාව සලසා ගැනීම ඇයි මුස්ලිම් අය ට වැදගත් වෙන්නෙ?
ඉස්ලාමය, මුස්ලිම් නොවන අය ට බොහෝ හානිකර ආගමක්. එනිසා, මුස්ලිම් අය ට නොමුස්ලිම් බහුතරයක් අතර වෙසෙන කොට, සමහර විට තමන් ගෙ ඇත්ත ස්වභාවය හංගගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙම වෙලාව ට, මුස්ලිම් අය ට බලය ලැබෙන කල්, නොමුස්ලිම් අය එක්ක සුහද ව ජටයුතු කරන බව මූණ ට විතරක් පෙන්වීම තමා මේ කියන්නෙ. ඉබ්න් කසීර් ගෙ වගන්ති විවරණය බැලුවොත්,
(http://www.qtafsir.com/)
(unless you indeed fear a danger from them) meaning, except those believers who in some areas or times fear for their safety from the disbelievers. In this case, such believers are allowed to show friendship to the disbelievers outwardly, but never inwardly. For instance, Al-Bukhari recorded that Abu Ad-Darda' said, "We smile in the face of some people although our hearts curse them.'' Al-Bukhari said that Al-Hasan said, "The Tuqyah is allowed until the Day of Resurrection.''
මෙතන කියන්නෙ මොකද්ද? ඉබ්න් කසීර් ට අනුව, මුස්ලිම් අය අපි ට පෙන්වන මිත්‍රත්වය උඩින් විතරක් විය යුතුයි. ඒක ට නිදසුන් වශයෙන් ඔහු ප්ර්න්වනවා, මුහම්මද් ගෙ සගයන් 2නෙක් කිව් දේවල්.
අබු දර්දා කියනවා "අපි සමහරුන් ගේ මුහුණ ට සිනාවෙනවා, අපේ හදවත් ඔවුන් ට සාප කළත්" කියලා. අල් හසන් කියනවා "තකීයා (ගැලවීමේ අරමුණින් කියන බොරුව), අවසාන දිනය දක්වා වළංගුයි" කියලා.
මේ හේතුව නිසා, මුස්ලිම් අය කියන කතා අනුව ඉස්ලාමය ඉගෙන ගැනීම අමාරුයි. හොඳ ම වැඩේ තමා ඉස්ලාමීය ග්රන්ථ වල ට යොමු වෙලා ම බලන එක. එතකොට පේන්න තියෙන්නෙ එළිපිට බොරුවක්!
මේ කාරණා හිතේ තියාගෙන, අපි යොමු වෙමු අදාල ලිපිය ට සහ මගේ විවේචනාත්මක විවරණය ට.
"(1) ඇල්බට් අයින්ස්ටයින් (1879-1955): කුරානය යනු වීජගණිතය හෝ ජ්‍යාමිතිය සම්භන්ද ග්රන්ථයක් නොවුනත් මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා ඇති නීති රීති මාලාවක් අඩංගු ගොනුවකි. එම මාර්ගය ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ට පවා ප්‍රතික්ෂේප කල නොහැකිය."
හ්ම්ම්...බලමු එහෙනම් ශේෂ්ට කුරන ඉගැන්වීම් ටිකක්.
ගැහැණිය ට පහර දීම (4 34), ගැහැණිය ගේ සාක්ෂිය, පිරිමියාගේ මෙන් අර්ධ වටිනාකමින් යුක්තයි (2 282), පිළිම වන්දනාකරුවන් මරාදමන්න (9 5), නොමුලිම් අය මරාදමන්න (9 29), නොමුස්ලිම් අය ව කුරුසයේ තබා ඇණ ගසන්න, අත් පා විරුද්ධ පැති වලින් කපන්න, හෝ පිටුවහල් කරන්න (5 33), මුස්ලිම් අය ඉන්නෙ අල්ලහ් වෙනුවෙ ඝාතනය කරන්න සහ ඝාතන්‍ය වෙන්න යි (9 111).
(legacy.quran.com)
ඇති නේද? ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නෙ ඉස්ලාමය පිළිබඳ විශාරදයෙක් නෙවෙයි. ඒ නිසා, ඔහු ඉස්ලාමය ගැන කියන ඒව වැරදි වෙන්න පුළුවන්. ඔහු අපි වගේ ඉස්ලාමය මුස්ලිම් පොත් වලින් ඉගෙන ගත්තා නම්, ඔය ප්‍රකාශය ඔයි ට වඩා වෙනස් වෙන්න තිබ්බා
ඊළඟ ට,
"(2) විල් දොරන්ට් (උපත 1855): අල්ලාහ් දෙවියන් විසින් යවා ඇති අල්-කුරානයේ ආගමික සංග්‍රහය පමණක් නොව ලෞකික සංග්‍රහයත් පෙන්වා දී ඇත. අල්-කුරානයේ යහපත් ආචාරවිධි, සෞඛ්‍යසම්පන්න විධි, විවාහය, දික්කසාදය, ළමයින්ගේ සහ අනෙක් සතුන්ගේ යුතුකම්, වහලුන්, ව්‍යාපාර, දේශපාලනය, අසාධාරණ ලෙස ලාභ ලැබීම, ණය ගනුදෙනු, ගිවිසුම්, රෙකමදාරුව, ධනය, දඬුවම් කිරීම, යුද්ධය සහ සාමය පිළිබඳව නීති රීති අඩංගු වේ. කුරානයෙන් සාමාන්‍ය ජනතාවට සරල වශයෙන් විශ්වාසය පිලිබඳව කියා දී ඇත. ඒවා සියල්ලම පිළිම වන්දනයෙන් නිදහස්ය. කුරානයෙන් සමුහ වශයෙන් වූද තනි වශයෙන් වූද විනය පිලිබඳ නීති රීති සංස්ථාපිත කොට ඇත."
මේ ප්‍රකාශයේ එහෙම පිටින් ම අන්වශ්ය ආගමික ගතියක් පේන්නෙ මට ව්තර ද? වහලුන්? ආගමක් වහල් භාවය ට අනුබල දෙනවා නම්, ඒ ආගම ගැන හිතා ගන්න පුළුවන් මොකද්ද?
වහලුන් ට අයිතිවාසිකම් කියලා දෙයක් තිබ්බා නම්, ඔවුන් කරන පළමු දේ වහල් භාවයෙන් නිදහස් වෙන එක නෙවෙයි ද?
අනික, පිළිම වන්දනාව මෝඩයි තමයි. ඒත් ඒකෙ මොකක් ද මිනිසා ට හානිකර වෙන්න තරම් දෙයක් තියෙන්නෙ? අනික, ඉස්ලාමය පිළිම වන්දනාවෙන් නිදහස් නම්, මුස්ලිම් අය ඇයි මක්කම ගලක් ඉඹින්න යන්නෙ? ඇයි තාප්පෙ ක ට ගල් ගහන්නෙ? ඒව පිළිම නොවන බව ඇත්ත. ඒත් පිළිම වන්දනාවක් ම නෙවෙයි ද එතන වෙන්නෙ?
ඒ නිසා, මේ කතාව ත් තේරුමක් නැහැ, ඇත්ත වුණත්.
ඊළඟ ට,
"(3) චාර්ල්ස් ෆ්‍රැන්සිස් (ඇමරිකානු මහාචාර්යවරයෙකි): බයිබලය නමැති පොත ඇමරිකානුවන් කිසිවෙකු දන්නේ නැත එහෙත් කුරානය නමැති පොත සෑම මුස්ලිම්වරයෙකුම දනී. එය බොරුවක් නොවේ. එයත් සමගම සඳහන් කල යුතු කරුණක් වන්නේ බයිබලය ගැන නොදැනුවත්ව සිටීම දහමට වාසනාවක් බවයි."
මේක ත් තරමක් දුරට වැරදියි. මුස්ලිම් ඔක්කොම ඉස්ලාමය ගැන දන්නෙ නැහැ. මම ඔවුන් එක්ක නිතරම වාද කරන නිසා මම දන්න්වා ඒ ගැන. මට හමු වන මුස්ලිම් අය ගෙන් අති බහුතරය කුරානය වත් හරියට දන්නෙ නැහැ.
ඊළඟ ට,
"(4) කිත් එල් මුවර් (කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ව්‍යුහ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි): කයිරෝ නුවර පැවති සම්මන්ත්‍රණයකදී පර්යේෂණ කෘතියක් ඉදිරිපත් කරමින් ඔහු පවසා සිට ඇත්තේ: “මම අල්-කුරානයේ ඇති මිනිසාගේ විකසනය පිළිබඳව ඇති ප්රකාශනයන් පිළිබඳව පැවසීමට ලැබීම ගැන අතිශයින්ම සතුටට පත් වෙමි. මට පැහැදිලි වන එක් කරුණක් නම් මෙම වගන්ති පහල වී තිබිය යුත්තේ දෙවියන්ගෙන් (හෝ අල්ලාහ් ගෙන්) බවයි. ඇයිද යත් එම කරුණු වලින් බොහොමයක් සතවර්ෂ ගනනාවක් වන තුරුම සොයාගෙන නොබිමිමයි. මෙයින් මට සනාථ වන්නේ මුහම්මද් දෙවියන්ගේ දුතයෙකු විය යුතු බවයි”."
මුලින් ම මේක කිවයුතුයි. මේ පුද්ගලයා මේක කිව්වෙ මුස්ලිම් බහුල රටක. ඒ නිසා, සමහ්ර් විට මේක කිව්වෙ මුස්ලිම් අය ගෙන් තමා ට ඇත්ත කිව්වොත් එල්ල විය හැකි ව තිබූ ප්‍රහාරයක් නවත්වාගන්න වෙන්න පුළුවන්. ඒ නැතත්, මේ කතාව බොරුවක්. අදාල කුරාන වගන්ති සලකා බලමු.
මිනිසා නිමැවුණේ දියර (ශුක්‍ර තරලය) බිඳුවකින් කියලා කුරානය තැන් ගණනාව ක කියනවා. ඒත් මේක 7 වෙනි සියවසේ අරාබින් නොදැන සිටි දෙයක් වෙන්න බැහැ නෙ?
කුරාන් 86 6-7 වගන්ති බලමු
86 : 06
වේගයෙන් ගලා පිට වෙන දියෙන් ඔහු නිර්මාණය කරනු ලැබීය.
86 : 07
එය පිට කොන්දත් ඉදිරි පසත් අතරින් පිට වෙයි.
දැන් මේ කියන කතාව ඇත්ත ද? නැහැනෙ? ශුක්‍ර තරලය තියෙන්නෙ හා පිටවෙන්නෙ, පිට කොන්ද ත් ඉදිරිපස ත් අතරින් නෙවෙයි නෙ?
"නුත්ෆ" කියල වචනයක් මෙතන කියනවා. මේකෙ තේරුම ශුක්‍ර තරලය කියන එක යි. කීත් මුවර් මේක පරිවර්තනය කරද්දි, "සංයුක්ත ද්‍රාවණය" කියලා තේරුමක් දෙනවා. ඒත් මේ වචනෙ තේරුම ඒක නෙවෙයි. ඔය තේරුම එන්නෙ, නුත්ෆ කියන ග්‍රීක වචනය සලකා බැලීමෙන් විතරයි. ඒත් කුරානය ලියැවුණේ අරාබියෙන් නිසා, සහ කුරානය සම්පූර්ණයෙන් පැහැදිලි බව කුරානෙ ම ආයෙ ආයෙ කියන නිසා, මේක වැරදි කතාවක් විය යුතුයි.
කුරාන් 22 5 බලමු
"අපි නුඹලා පසින් ද පසුව ශුක්‍රාණුවකින් ද පසුව සංසේචිත ඩිම්බයකින් ද පසුව පරිපූර්ණ කරන ලද හා පරිපූර්ණ නොකරන ලද මස් පිඬුවකින් ද නිර්මාණය කළෙමු."
කියන්න කණගාටුයි. මේ සිංහල පරිවර්තනය තනිකර බොරුවක්. මේකෙ හරි ම "සහීහ් ජාත්‍යන්තර" පරිවර්තනය බලමු.
(legacy.quran.com/22/5)
"We created you from dust, then from a sperm-drop, then from a clinging clot, and then from a lump of flesh, formed and unformed"
Then from a clinging clot කියන්නෙ සංසේචිත ඩිම්බයකින් කියන එක නෙවෙයි නෙ? ඒ කියන්නෙ, එල්ලෙන ද්‍රව බින්දුවකින් කියන එක! එතකොට, වගන්තිය මෙන්න මේ වගේ වෙනවා.
"අපි නුඹලා පසින් ද පසුව ශුක්‍රාණුවකින් ද පසුව එල්ලෙන ද්‍රව බින්දුවකින් ද පසුව පරිපූර්ණ කරන ලද හා පරිපූර්ණ නොකරන ලද මස් පිඬුවකින් ද නිර්මාණය කළෙමු."
දැන් මේ කියන කතාවෙ තේරුමක් වත් තියනවා ද? නැහැ නෙ?
මෙතන "අලකා" කියලා වචනයක් භාවිත වෙනවා. ඒකෙ තේරුම, කුමුස් අල් මුහීත් ශබ්දකෝෂය ට අනුව, ලේ කැටියක් කියන එක. එතකොට මේ ව්ගන්තියෙන් කියන්නෙ මෙහෙම යි.
"අපි නුඹලා පසින් ද පසුව ශුක්‍රාණුවකින් ද පසුව ලේ කැටියකින් ද පසුව පරිපූර්ණ කරන ලද හා පරිපූර්ණ නොකරන ලද මස් පිඬුවකින් ද නිර්මාණය කළෙමු."
දැන් කලලය ලේ කැටි අවස්ථාවක් පසු කරනවා ද? නැහැ නෙ?
ඉතින් මේක වැරදියි නෙ?
ඊළඟ ප්‍රකාශය ට යමු
" (5) සර් බර්නාඩ් ෂෝ: “මා සැමවිටම මුහම්මද් ගේ ආගමට ඉහල වටිනාකමක් දෙමින් ඇළුම්කලේ එහි ඇති ජිවාත්ම බලය නිසයි. මට පෙනෙන පරිදි වෙනස්වන ලෝකයේ සෑම අවශ්‍යතාවන්ට ම උර දිය හැකි එකම දහම එයයි. මම ඔහු ගැන හදෑරුවෙමි- ආශ්චර්යමත් මිනිසෙකි, මගේ මතය අනුව ඔහු ක්‍රිස්තු විරෝධියෙකු යැයි ඇමතීමට වඩා මිනිසාගේ ගැලවුම් කරු යැයි ආමන්ත්‍රණය කිරීම නිවැරදිය. මා විශ්වාස කරන පරිදි ඔහු වැනි කෙනෙකුට නවීන ලෝකයේ පාලනය භාර කලේ නම් එහි ඇති සියළු ප්‍රශ්න වලට විසඳුම් සොයා සාමය සහ සතුට ගෙන එනු ඇත. මට කිව හැකි අනාවැකියක් වන්නේ එම දහම අද පවතින යුරෝපය පිළිගන්නා සේම අනාගත යුරෝපයත් පිළිගනු ඇත” "
ඉස්ලාමය වෙනස් වෙන ලෝකයේ අවශ්‍යතා වලට උර දෙන්නෙ කොහොම ද? ඉස්ලාමය කියන්නෙ 7වෙනි සියවසේ අරාබිය තුල සියලු සංස්කෘතීන් හිර කරන දර්ශනයක්!
බිරිඳ ට පහර දීම (4 34), පිළිම වන්දනාකරුවන් ඝාතනය (9 5), නොමුස්ලිම් අය මරාදෙමීම (9 29), අත් පා කැපීම (5 33)...මේව කොහොමද වර්තමානා ට ගැලපෙන්නෙ?
ලෝකෙ භාරදීම කෙසේ වෙතත් මුස්ලිම් රටවල් පහත වැටීම ට නම් මුහම්මද් වග කිව යුතු ම යි. ලෝකාඅර්ථික සහයෝගිතා සංවිධානය කළ සමීක්ෂණය ක ට අනුව, ලෝකෙ කාන්තාවන් ට අහිතකර ම රටවල් 20 19ක් ම මුස්ලිම් බහුල රටවල්!
ඊළඟ වගන්තිය ට යමු.
"(6) මහත්මා ගාන්දි: “මට අවශ්‍ය කලේ මිලියන ගණන් මිනිසුන්ගේ හදවත් වසඟකරගෙන පාලනය කරන මිනිසා ගැන දැනගැනීමටයි....මම කිසිදිනක නොසිතු අන්දමින් ඉස්ලාම් දහම කඩුවෙන් මිනිසුන් අතර ව්‍යාප්ත වුවා යැයි කීමට වඩා එහි ඇති පැහැදිලිව පෙනෙන සරල බව, නිහන්කාරකම, අකුරටම පොරොන්දු ඉටුකිරීම, යහළුවන් සහ අනුගාමිකයින් කෙරෙහි දැක්වූ ආදරය, නිර්භීතකම, ඔහු දෙවියන් කෙරෙහි සහ ඔහුගේ ධර්ම ප්‍රචාරය ගැන දැක්වූ දැඩි විශ්වාසය එයට හේතුවයි....” "
ඉස්ලාමය ව්‍යාප්ත වෙන්න මූලික හේතු තමා කඩුව සහ බොරුව.
කුරාන්යේ 9 5 වග්න්තිය ට කියන්නෙ ත් "කඩුවේ වගන්තිය" කියලා. දැන් ඒක මෙතන දාන්නම්.
"එබැවින් පුණ්‍ය වූ මාස අවසන් වූ වහාම එම සමානයන් කල්පනය කළ අය දුටු තැන ඝාතනය කරන්න. ඔවුන් අල්ලා ගන්න. ඔවුන් වටලන්න. සියලූ සැඟවුම් ස්ථානයක ම ඔවුන් වෙනුවෙන් රැක සිටින්න. ඔවුහු ශිෂ්ට වී සලාතය ඉටු කර සකාතය ද පිරිනැමුවහොත් ඔවුන්ගේ මාර්ගයෙහි ඔවුන් අත් හැර දමන්න. අල්ලාහ් ක්ෂමා කරන්නෙකි, අසම සම දයාවන්තයෙකි."
තව මෙන්න බලන්න.
කුරාන් 2 216 : නුඹලාට පිළිකුල් වූව ද සටන් කිරීම නුඹලා කෙරෙහි අනිවාර්ය කරන ලදී. නුඹලා යමක් පිළිකුල් කළ හැකිය. නමුත් එය නුඹලාට යහපතක් විය හැකිය. නුඹලා යමක් ප්‍රිය කළ හැකිය. නමුත් එය නුඹලාට අයහපතක් විය හැකිය. අල්ලාහ් දනියි. නුඹලා නොදන්නෙහු ය."
කුරාන් 9 29 : ධර්ම ග්‍රන්ථය පිරිනමන ලද අය අතුරින් අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස නොකර අල්ලාහ් ද ඔහුගේ දූතයා ද වැළක් වූ දැයින් නොවැළකී සත්‍ය ධර්මය අනුගමනය නොකළ අය අධම වී තම අත් වලින් ජිස්යා බදු ගෙවන තෙක් ඔවුන් සමඟ සටන් කරන්න
ඒ ඇති නෙ වැඩේ තේරුම් ගන්න?
පසුවදන :- කවුරු හරි කියනවා ද මම ඉදිරිපත් කරන කාරණා වැරදි බව? එහෙනම් මෙතනින් ම ඒවා දාන්න. සහ ප්‍රශ්න තියනවා නම් අහන්න.
මම උත්තර දෙන්නම්
අනිවාර්යයෙන්...
ReplyDeleteඒක True Path නෙවෙයි False Path
ReplyDelete