Sunday, December 25, 2016

මිනිසුන් පිළිස්සීම ඉස්ලාමීය ද?

තෙරුවන් සරණයි සහ ආයුබෝවන් පාඨක ඔබට

මෑතක දී, අයිසිස් ත්‍රස්තයන්, තුර්කි සෙබලු දෙදෙනෙක් ගිනි තබා මැරුවා. දැන් ඔන්න මුස්ලිම් සංවිධාන ඔක්කොම, විශේෂයෙන් ලංකාවෙ ඉන්න සාමාන්‍ය මුස්ලිම් අය කියනවා අයිසිස් ඉස්ලාමීය නැහැ කියලා මොකද මිනිසුන් ගිනි තැබීම ඉස්ලාමීය නැති නිසා.

හැබැයි ඔවුන් ඒ ප්‍රකාශය ඉස්ලාමීය ග්‍රන්ථ වලින් පෙන්නන්නෙ නැහැ; අඩු තරමේ මූලාශ්‍රය වත් දෙන්නෙ නැහැ. ඇයි ඒ? වඩා හොඳ නැද්ද අල්ලහ් ගේ පැහැදිලි නොයෝගයක් තිබීම, මේ සම්බන්ධව?

ඔවුන් ඒක නොකියන හේතුව තමා, ඒ ඉගැන්වීම තුල, ඉස්ලාමය අතහරින්නන් මරා දැමීම ට මුහම්මද් ගේ සම්මත නියෝග අන්තර්ගත වීම. ඒ නිසා, ඔවුන් ඇත්ත වෙනුවට පාර්ශවික ඇත්තක් දෙනවා තමන් බොරුකාරයන් බව හංගාගන්න. ඒ නිසා, කිසිවෙක් ඔබ ට ඒ ඉගැන්වීම පෙන්වන්නෙ නැහැ...මම හැරුණා ම.

මෙන්න බලන්න.

Hadith

Narrated `Ikrima:

`Ali burnt some people and this news reached Ibn `Abbas, who said, "Had I been in his place I would not have burnt them, as the Prophet (ﷺ) said, 'Don't punish (anybody) with Allah's Punishment.' No doubt, I would have killed them, for the Prophet (ﷺ) said, 'If somebody (a Muslim) discards his religion, kill him.' "

Sahih al-Bukhari 3017
In-book : Book 56, Hadith 226
USC-MSA web (English) : Vol. 4, Book 52, Hadith 260  (deprecated)

මේ කියන්නෙ මොකද්ද? ඉස්ලාමය අත හැරි කීප දෙනෙක් ව පුළුස්සලා මරනවා, වෙන කවුරුත් නෙවෙයි, ඉස්ලාමයේ 4වෙනි කලීෆ් වන අලි ඉබ්න් අබු තාලිබ්. මේ පුද්ගලයා මුහම්මද් ගේ ඤාතියෙකුත් වුණා. ඒ නිසා, පැහැදිලිව ම ඔහු මුහම්මද් ගේ ඉගැවීම ගැන අනවබෝධයෙන් හිටි කෙනෙක් වෙන්න ත් බැහැ. මේ පුද්ගලයා, නිවැරදි ව මෙහෙයවන ලද කලීෆ්වරුන් ගෙන් කෙනෙකුත් වෙනවා. ඒ කලීෆ් ලා 4දෙනා තමා,

1. අබු බකර් අස් සිදික්
2. ඔමාර් ඉබ්න් අල්ක්හතාබ්
3. උස්මාන් බින් අෆ්වාන්
4. අලි ඉබ්න් අබු තාලිබ්

මේ 4වෙනි ව කිව් කෙනා තමා මේ මිනිසුන් කිහිප දෙනෙක් ව පුළුස්සලා මරන්නෙ.

මෙන්න මේක යි කාරණාව. මුස්ලිම් අය අනුගමනය කළ යුත්තේ මුහම්මද් ව යි.

33 : 21

අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කොට අල්ලාහ් අධිකව සිහි කරන නුඹලාට අල්ලාහ්ගේ දූතයා වෙත අලංකාර ආදර්ශයන් ඇත.

මුහම්මද් බොහොම සන්තෝස වුණා මිනිස්සු පුළුස්සන්න. මෙන්න බලන්න.

Hadith

Narrated Abu Huraira:

The Prophet (ﷺ) said, "No prayer is heavier upon the hypocrites than the Fajr and the `Isha' prayers and if they knew what is in them (in reward), they would have attended them, even if (it was) crawling. Certainly, I felt the urge to order the Mu'adh-dhin (call-maker) so that he would pronounce Iqama, then order a man to lead the people (in prayer), then take a flame of fire so that I burn (the houses) upon those who had not left for the prayer yet."

Sahih al-Bukhari 657
In-book : Book 10, Hadith 51
USC-MSA web (English) : Vol. 1, Book 11, Hadith 626  (deprecated)

ඊට පස්සෙ මෙන්න මෙහෙම වෙනවා.

ඉබ්න් ඉශාක් ගෙ "සිරත් රසූල් අල්ලහ්" පොතේ ඉංග්‍රීසි පරිවර්තනයේ (ඇල්ෆ්‍රඩ් ග්විලෝම්), පි 515 මෙහෙම තියනවා.

So the Apostle of Allah have orders to al-Zubayr bin al-Awwam, "torture him until you extract what he has" so he kindled a fire with flint and steel on his chest until he was nearly dead. Then the Apostle of Allah delivered him to Muhammad bin maslama who struck his head off in revenge of his brother Mahmud.

ඊට පස්සෙ පළමු නිවැරදි මඟ පෙන්වන ලද කලීෆ් වූ අබු බකර් අස් සිදික්, මෙන්න මෙහෙම කරනවා

මුලින් ම, මුහම්මද් මළ අලුත කට්ටියක් ඉස්ලාමය අත හරිනවා. ඔවුන් ව ඉස්ලාමය ට කැඳවන්න අබු බකර් පණිවුඩකරුවෙක් යවනවා. ඒ පණිවුඩයේ, මෙන්න මෙහෙම කියනවා.

will not spare any one of them he can gain mastery over, [but may] burn them with fire, slaughter them by any means…

The History of al-Tabari: The Conquest of Arabia, p. 57

ඊට පස්සෙ අබු බකර් ම මිනිසෙක් පුළුස්සන්න නියම කරනවා.

ordered a fire to be kindled with much firewood in the prayer yard (musalla) of Medina and threw him, with arms and legs bound, into it.

The History of al-Tabari: The Conquest of Arabia, p. 80

ක්හලිද් බින් අල් වලීද්, වරක් මුස්ලිම් හමුදාව ක අණ දෙන නිළධරයෙක් ව හිටි කාලෙ ක, අබු බකර් ඔහු ට නියෝග දුන්නෙ මෙහෙම යි.

kill them by every means, by fire or whatever else.

The History of al-Tabari: The Conquest of Arabia, p. 100

අබු බකර්, ක්හලීද් ව අල්-යමාමා වල බානි හනිෆා ප්‍රජාව ට එරෙහි ව යැවු අවස්ථාවේ, මෙන්න මෙහෙම කියනවා.

Kill their wounded, seek out those of them who flee, put the captives among them to the sword and strike terror among them by killing and burn them by fire.  And I warn you against contradicting my orders. Peace (be upon you).

Abridged Biography of Prophet Muhammad, p. 345

ක්හලිද් එහෙම පිළිස්සූ බව ආරංචි වුණා ම, අබු කබර් ගේ පිළිතුර :

I shall not sheathe a sword that Allah had unsheathed against the ‘unbelievers.’

The Origins of the Islamic State, p. 148

දැන් කෙනෙක් අහවි "කව්ද අබු බකර් ව ගණන් ගන්නෙ?". උත්තරේ : මුස්ලිම් අය. මුහම්මද් කිව්වා, තමන් ගෙ මරණ ඇඳේ දි, මෙන්න මෙහෙම.

Hadith

It was narrated from 'Abdur-Rahman bin 'Amr As-Sulami that:

He heard Al-'Irbad bin Sariyah say: "The Messenger of Allah (ﷺ) delivered a moving speech to us which made our eyes flow with tears and made our hearts melt. We said: 'O Messenger of Allah. This is a speech of farewell. What did you enjoin upon us?' He said: 'I am leaving you upon a (path of) brightness whose night is like its day. No one will deviate from it after I am gone but one who is doomed. Whoever among you lives will see great conflict. I urge you to adhere to what you know of my Sunnah and the path of the Rightly-Guided Caliphs, and cling stubbornly to it. And you must obey, even if (your leader is) an Abyssinian leader. For the true believer is like a camel with a ring in its nose; wherever it is driven, it complies."

Sahih (Darussalam)

English : Vol. 1, Book 1, Hadith 43
Arabic : Book 1, Hadith 45

මුහම්මද්, මුස්ලිම් ප්‍රජාව ට නියම කළා, තමා මළා ට පස්සෙ, නිවැරදි මඟ යන ක්හලීෆ් වරුන් ව අනුගමනය කරන්න කියලා, සහ ඔවුන් ගේ පළමුවැන්නා මිනිසුන් ගිනි තියලා මැරුවා. 4වෙනියා ට එද්දි ත් මුස්ලිමුන්, මිනිසුන් ගිනි තියලා මරනවා. ඔන්න එතකොට තමා එක පාරට ම ඉබ්න් අබ්බාස් ට මතක් වෙන්නෙ, ගිනි තබා මැරීම ගැලපෙන්නෙ නැහැ කියලා.

එක්කො, මුස්ලිමුන් පිළිගත යුතුයි, මිනිසුන් ගිනි නොතැබිය යුතු බව කියන මුහම්මද් ගේ අණ. එක්කො ඔවුන් පිළිගත යිතුයි, මිනිසුන් ගිනි තියපු කලීෆ්වරුන් ව පිළිපදින්න කියපු, මුහම්මද් ගේ අණ!

ඉතින් මෙහෙව් ප්‍රචණ්ඩ අසමපාත විකාර අදහන පිරිසක්, එකිනෙකා ට චෝදනා කරගැනීම සහ එකිනෙකා ගේ මස්ජිද පුපුරවා ගැනීම ගැන පුදුම විය යුතු ද?

අසමපාත විකාර කියන්නෙ එකක්. ප්‍රචණ්ඩ අසමපාත විකාර, මාරකයි. වඩා හොඳයි, ඉබ්න් අබ්බාස් හරි නම්, මිනිසුන් ගිනි තියලා නොමැරීම. ඒත් ඔබ මුස්ලිම් කෙනෙක් නම්, අයිසිස් ලා ට දඬුවම් ලැබිය යුතුයි කියන, මේ ගැන හිතන්න.

මොකක් ද අලී ට ලැබුණු දඬුවම, මිනිසුන් ගිනි තියලා මැරුවා ට?

මොකක් ද අබු බකර් ට හෝ මුහම්මද් නබි ට ලැබුණු දඬුවම ඒ නිසා?

මේ ඔක්කොට ම "දඬුවම" තමා, ඉබ්න් අබ්බාස් මෙහෙම කිව් එක :

"ම්ම්...මම නම් එහෙම නෙවෙයි මරන්නෙ"

ඉතින් ඇත්ත මේක යි, මිත්‍රවරුනි. ගිබි තබා මැරීම ඉස්ලාමය ට කිසිසේත් පටහැනි නැහැ.

පසුවදන : හැබැයි මේ ප්‍රශ්නෙ තුල මුස්ලිම් මූලධර්මවාදියෙක් වුණත් හිර වෙන තැනක් තමයි, ඇයි අයිසිස් (මුස්ලිම්) ලා, තුර්කි (මුස්ලිම්) සෙබළු දෙන්නෙක් ගිනි තබා මැරීම.

ඒක ට පිළිතුර තියනවා කුරානයේ.

9 : 73

නබිවරය, (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමඟ සටන් කරන්න. ඔවුන් වෙත දැඩිව කටයුතු කරන්න. ඔවුන්ගේ වාසස්ථානය නිරයයි. එය ඉතා නරක නවාතැනයි.

"කුහකයන්" කියන්නෙ කව්ද? කුහකයන් කියලා මෙතන කියන්නෙ, අල්ලහ් ට කුහක වෙන පුද්ගලයා ට. ඒ කියන්නෙ, ඉස්ලාමයේ ඉගැන්වෙන ත්‍රස්තවාදී වැඩ නොකරන හෝ, ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කරන වැඩ වල ට එරෙහි ව වැඩ කරන අය. තුර්කිය මේක කරනවා ද? ඔව්. ඔවුන්, ඇමරිකානු සංයුක්ත හමුදා අයිසිස් ත්‍රස්තයන් ට එරෙහි ව දියත් කරන ප්‍රහාර වල ට හවුල් වෙනවා.

එහෙනම්, කුහක ලෙස ඉස්ලාමය තුල අර්ථ දැක්වෙන අයෙක් ව ගිනි තබා මැරීම ඉස්ලාමීය ද?

පිළිතුර...ඔව්!

No comments:

Post a Comment