තෙරුවන් සරණයි සියලු දෙනා ට ම. ජිහාදයේ පියවර තුන ට අදාල ව මම මුලින් ලිපියක් ලිව්ව ත්, ඒ ලිපිය ට වඩා සාර්ථක ව ජිහාදය පහදලා දෙන්න අවශ්‍ය නිසා, මේ ලිපි ලියන්නම්. ඒත්, ඒ ලිපිය කියවලා නැති අය වෙනුවෙන්, මුල ක ඉඳන් පැහැදිලි කරන්න මම තීරණය කළා.
ලාංකේය බෞද්ධ ඔබ, සමහර වෙලාව ට මෙහෙම දේවල් වල ට මුහුණ දෙනවා. ඔබ ලංකාවෙ යම් තැන ක මුස්ලිම් කෙනෙක් හමු වෙනවා; ලෝකෙ ඉන්න ප්‍රියමනාප ම මනුස්සයා, හුරතල් ළමයි, ලංකාව ට ආදරෙයි.
එදා ම පස්සෙ වෙලාව ක ඔබ ප්‍රවෘත්ති බලද්දි ඔබ දකිනවා "හෝව් මේ මොකද?" ලංකාවෙ එතැන ම, මුස්ලිම් අය, බෞද්ධ කොල්ලො දෙන්නෙක් ව බෙලි කපලා මරලා!
මේ මොකද? කව්ද හරි ඉස්ලාමය නිරූපණය කරන්නෙ? බෞද්ධ අය එක්ක ගනුදෙනු කරන හොඳ මුස්ලිම් අය ද, බෞද්ධ අය ගෙ බෙලි කපන නරක මුස්ලිම් අය ද?
ඔබ ට උත්තර අවශ්‍යයි. ඔබ කුරානය අරිනවා. ඔබ කියවනවා සූරා 2 256.
2 : 256
මෙම ධර්මයෙහි කිසිඳු බල කිරීමක් නැත.
හ්ම්ම්...ඒක නම් සාමකාමී සහ ඉවසිලිවන්තයි වගේ. මම හිතන්නෙ සාමකාමී මුස්ලිම් අය තමා ඉස්ලාමය හරියට පිළිපදින්නෙ.
ඊට පස්සෙ ඔබ යනවා සූරා 9 29 ට.
9 : 29
අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස නොකළ අය සමඟ සටන් කරන්න.
ඒක ප්‍රසන්න නැහැ! දැන් පේන විදිහ ට ප්‍රචණ්ඩ මුස්ලිම් අය තමා හරියට පිළිපදින්නෙ.
සාක්ෂි යොමුවෙන්නෙ වෙනස් පැති වලට. ඒ නිසා ඔබ මොකක් ද විශ්වාස කළයුත්තේ?
ඔබ වතාවක් හරි කල්පනා කළා නම් ඇයි කුරානයේ සාමකාමී සහ ප්‍රචණ්ඩ වගන්ති තියෙන්නෙ කියලා, ඔබ කල්පනා කළා නම් ඇයි මුස්ලිම් අය ලංකාවෙ ආගමික සහජීවනය වෙනුවෙන් කෑ ගහන ගමන් ම, බෞද්ධයන් ට හෝ හින්දුන් ට පන්සල් හෝ දේවාල හදන්න සෞදි අරාබියෙ ඉඩ නොදෙන්නෙ කියලා, ඔබ කල්පනා කළා නම් තව්හිද් ජමාත්, ජමිය්යතුල් උලාමා වගේ සංවිධාන ඉස්ලාමය සාධාරණ සියලු ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාවක් හැටියට පෙන්නන ගමන්, තිරය පිටිපස්සෙ ත්‍රස්තවාදය ට උදව් දෙන්නෙ ඇයි කියලා, ආයුබෝවන් ඔබ කියවන වැදගත් ම ලිපි පෙල ට. ඔබ ට අද ලෝකයේ ඉස්ලාමය තේරුම් ගන්න බැහැ, වැදගත් එක් කාරණාවක් තේරුම් නොගෙන.
ජිහාදය ඉදිරියට යන්නෙ පියවර වශයෙන්.
පොඩි ඉස්ගෙඩියා තඩි ගෙම්බෙක් වෙනවා වගේ, පොඩි වස්සෙක් ලොකු කුළු මීමෙක් වෙනවා වගේ, සාම්කාමී ඉවසිලිවන්ත "ඉස්ලාම් බබා", කාලෙත් එක්ක පරිණත වෙනවා. එතකොට ඔබ දකිනවා හොඳින් වැඩුණු බෞද්ධයන් ට වෛර කරන, පන්සල් ගිනිතියන, භාර්යාව ට පහර දෙන, අත හරින අය ව ඝාතනය කරන, "අල්ලහු අක්බර්!" කියලා කෑ මොර දෙන ඉස්ලාමය ඇත්ත ට ම කොහොමද කියලා, ඒකෙ ලේ වැකුණු රූ සිරිය ත් එක්ක ම. ඔබ මුහම්මද් ගෙ ජීවිතය දිහා බැලුවත් , මුස්ලිම් සමාජය දිහා බැලුවත්, කුරානය දිහා බැලුවත්, හදීස් දිහා බැලුවත්, සීරා සාහිත්‍යය දිහා බැලුවත්, සම්භාව්‍ය මුස්ලිම් අදහස් දැක්වීම්, නූතන මුස්ලිම් විද්වත්භාව හෝ ඉස්ලාමය අද ලෝකෙ පැතිරීම බැලුවත්, ඔබ දකීවි එක ම රටාව. ජිහාදය ට ඇමතීමේ පියවර 3ක් තියෙනවා, සමාජයක් තුල මුස්ලිම් අය ගේ මට්ටම අනුව. ඔබ ට මේ කොටස තේරෙනවා නම්, ඔබ තේරුම් ගනීවි ඉස්ලාමය, සියවස් 14ක ඉස්ලාමීය ඉතිහාසය සහ අපි මේ මොහොතේ පවතින අවස්ථාව.
පියවර 1 - සැඟවුණු ජිහාදය
මුස්ලිම් අය හොඳ ට ම අඩුයි නම්, ප්‍රායෝගික ව භෞතික ගැටුම කින් නොමුස්ලිම් අය ට එරෙහි ව දිනන්න බැරි නම්, ඔවුන් ට අණ ලැබෙනවා සාමය පතුරුවන්න නොමුස්ලිම් අය ට, සහ සාමයේ පණිවුඩයක් උගන්වන්න. මුහම්මද් සහ ඔහු ගේ අනුගාමිකයන් කොන් කිරීම ක ළක් වූ සුළුතරයක් ව මක්කම හිටි කාලෙ, ඔවුන් බහුදේවවාදීන් ගේ අදහස් විවේචනය කළත්, ඔවුන් ඒක කළේ බොහොම සාමකාමීව යි. මේ කාලෙ මුහම්මද් ට ලැබුණු හෙළිදරව් වල කියවුණේ අනාගත දඬුවමක් ගැන, බහුදේවවාදීන් ට. "අල්ලහ් යම් දවස ක දඬුවම් කරාවි, මුහම්මද් ප්‍රතික්ෂේප කරන්නන් ට. ඒත් ඒ අතර, ජීවත් වෙන්න; ජීවත් වෙන්න දෙන්න."
සහජීවනයෙන් පවතින්න.
මේ කාලෙ ට ආවේනික පරිච්ඡේදයක් තමා සූරා 109.
109 : 01,02,03,04,05,06
“(එකම) දෙවියන් ප්‍රතික්ෂේප කරන අයවලූනි, නුඹලා නැමදුම් කරන දැය මම නැමදුම් නොකරමි. මම නමදින්නාට නුඹලා නොනමදින්නෙහු ය. නුඹලා නමදින දැයට මම නමදින්නෙක් නොවෙමි. මම නමදින්නාට නුඹලා නමදින්නෝ නොවන්නෙහු ය. නුඹලාගේ ධර්මය නුඹලාට ය. මාගේ ධර්මය මට යැ”යි.
ලංකාවෙ ඉන්න මුස්ලිම් අය මේ වගේ පරිච්ඡේද පෙන්වනවා, ඉස්ලාමය ස්වභාවයෙන් සාමකාමී බව පෙන්වන්න. නමුත් අපි දන්නවා මුස්ලිම් මූලාශ්‍ර වල ට අනුව, ආගමික සහජීවනය වෙනුවෙන් මුහම්මද් කතා කරන ගමන් ම, ලෝකෙ ම අල්ලහ් වෙනුවෙන් අල්ලාගන්න ඔහු සැලසුම් කළ බව. ඔහු, බහුදේවවාදීන් ට අරාබි නොවන්නන් ට එරෙහි ව ජය පොරොන්දු වෙමින් පවා ඔවුන් ව ඉස්ලාමය ට නැඹුරු කරගන්න උත්සාහ කළා. බලමු වගන්තියක් දිහා. වතාවක්, බහුදේවවාදීන් මුහම්මද් ගෙ මාමා ගාව ට ගියා මුහම්මද් එක්ක සාම ගිවිසුම ක ට එළැඹෙන්න; ඔවුන් ට අවශ්‍ය වුණා, මුහම්මද් තමන් ගෙ ආමග ට පහර දෙන එක නවත්වන්න.
තබරි, වෙ 6 පි 95 :
Abu Talib sent for the Messenger of God, and when he came in he said, "Nephew, here are the shaykhs and nobles of your tribe. They have asked for justice against you, that you should desist from reviling their gods and they will leave you to your god." "Uncle," he said, "shall I not summon them to something which is better for them than their gods?" "What do you summon them to? " he asked. He replied, "I summon them to utter a saying through which the Arabs will submit to them and they will rule over the non-Arabs."Abu Jahl said from among the gathering, "What is it, by your father? We will give you it and ten like it." He answered, "That you should say; "There is no deity but God."
"I summon them to utter a saying through which the Arabs will submit to them and they will rule over the non-Arabs."
මෙන්න මේ ගැන මොහොතක් හිතන්න. මුහම්මද් මක්කම වටේ ඇවිදිනවා, සාමය සහ සහජීවනය වෙනුවෙන් කතා කරමින්. ඒත් වැහුණු දොරවල් පිටිපස්සෙ ඉඳන්, ඔහු කුරයිශ්වරුන් ට කියනවා "මාත් එක්ක සම්බන්ධ වෙන්න. අපි අරාබි නොවන්නන් (යුදෙව්, ක්‍රිස්තියානි, පර්සියානු ආදී) ව යටත් කරගනිමු". මේ පුද්ගලයන් මුහම්මද් ට කොහෙත් ම පහර නොදෙද්දී, මුහම්මද් ඔවුන් ඔක්කොම යටත් කරගන්න සැලසුම් කරනවා. නොමුස්ලිම් අය ව පීඩාව ට පත් කරන්න ඔහු ට මොනව ද අවශ්‍ය? ඔහු ට අවශ්‍යයි හමුදාවක්. ඒ නිසා ඔහු ඉල්ලනවා ඔහු ගේ ගෝත්‍රයෙන්, "ඉස්ලාමය ට හැරෙන්න" කියලා. දැන්, කී වතාවක් අපි දැකලා තියනවා ද ලෝකෙ අද ඉන්න මුස්ලිම් කණ්ඩායම්, විවෘතව ඉල්ලන ගමන් තමන් ව "විවේචනය කරන්න එපා" කියලා, පුද්ගලික ව සම්පූර්ණ වෙනස් දෙයක් උගන්වන? මුහම්මද් දක්වා ම ආපහු යනවා.
ඉස්ලාමයේ වැදගත් සංකල්පයක් තමා "තකීයා"; ඉස්ලාමයේ ඇත්ත අරමුණ වහන එක, මුස්ලිම් සමාජය ආරක්ෂා කරන්න. මේක සූරා 3 වගන්ති 28 කියනවා පැහැදිලි ව.
3 : 28
විශ්වාස කළ අයල විශ්වාස කළඅය හැර දමා (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අය භාරකරුවන් ලෙස නොගත යුතුය. ඔවුන්ගෙන් ආත්මාරක්ෂාව සලසා ගනු පිණිස මිස මෙසේ සිදු කරන්නාට අල්ලාහ්ගෙන් කිසි(ඳු ආරක්ෂා)වක් නැත. අල්ලාහ් තමා ගැන නුඹලාට අවවාද කරයි. (නුඹලාගේ) යළි පිවිසුම අල්ලාහ් වෙත ම ය.
මුස්ලිමුන් ට නොමුස්ලිම් මිත්‍රයන් තියාගන්න අවසර තියෙන්නෙ, ඔවුන් ගෙ ප්‍රමාණය අඩුයි සහ ඔවුන් වඩා ප්‍රබල සතුරෙක් ට මුහුණ දෙන්න ඉන්නවා කියලා තේරෙනවා නම් විතරයි.
එතකොට මුස්ලිම් අය ට කියනවා "මිත්‍රශීලී බවක් මූණ ට පෙන්නන්න" කියලා. ඉස්ලාමයේ ඉහළ ම විද්වතෙක් වන ඉබ්න් කසීර් කියනවා මේ ගැන, මෙහෙම :
In this case, such believers are allowed to show friendship to the disbelievers outwardly, but never inwardly.
අබු දර්දා, (මුහම්මද් ගේ සහචරයෙක්) කියනවා :
"We smile in the face of some people although our hearts curse them."
තවත්, 1වෙනි පියවරේ වැදගත් කාරණාවක් තමා "පීඩිත භූමිකාව". මුස්ලිම් අය කියනවා, "මුහම්මද් සහ ඔහු ගේ අනුගාමිකයන් මක්කමින් පැන්නුවේ, හුදෙක් ඔවුන් මුස්ලිම් නිසා" කියලා.
තනිකර බහුබූත!
මුහම්මද් ව කොන් වුණේ, මක්කානුවන් ගේ ආගම් විවේචනය කරලා, අපහාස කළ නිසා.
තබරි, වෙ 6 පි 93 :
The Messenger of God proclaimed God's message openly and declared Islam publicly to his fellow tribesmen. When he did so, they did not withdraw from him or reject him in any way, as far as I have heard, until he spoke of their gods and denounced them. When he did this, they took exception to it and united in opposition and hostility to him, except for those of them whom God had protected from error by means of Islam.
"they did not withdraw from him or reject him in any way... until he spoke of their gods and denounced them."
මක්කානුවන් ට මුහම්මද් එක්ක ගැටළුවක් තිබ්බෙ නැහැ ඉස්ලාමය ඉගැන්වීම ගැන. ඔවුන් කෝප වුණේ, මුහම්මද් ඔවුන් ගේ ආගම් වලට පහර දෙන්න ගත්තා ම යි. ඒක මක්කානුවන් ට කරදරයක් වුණා. මෙන්න, ඔවුන් ම කියනවා තමන් ට වුණු කරදරේ ගැන.
තබරි, වෙ 6 පි 101 :
'We have never seen the like of what we have endured from this man. He has derided our traditional values , abused our forefathers, reviled our religion, caused division among us, and insulted our gods. We have endured a great deal from him,'
"...derided our traditional values , abused our forefathers, reviled our religion, caused division among us, and insulted our gods."
මුහම්මද්, ඔවුන් ගේ ඇදහිලි, වටිනාකම් විවේචනය කළා. ඔහු නගරය තුල බෙදීම් ඇති කළා. සිරා වැඩේ මේක යි. මක්කානුවන්, මුස්ලිම් අය ට, මුස්ලිම් අය ගෙ විදිහ ට උත්තර දුන්නා ම, මුස්ලිම් අය කියන්න ගත්තා, "අනේ! මෙන්න මෙයාලා අපි ව කපනවා; මහ නපුරු මිනිස්සු! අපි ට අපේ ඇදහිලි නිසා ම පහර ගහනවා"...දෙබිඩි පිළිවෙත. සැඟවුණු ජිහාදය තුල එක අරමුණක් තමා ඉස්ලාමය ට අනෙක් ආගම් වල ට වඩා ඉහළ තැනක් දෙන එක. නමුත් මුහම්මද් දිගට ම මක්කානුවන් ගේ ආගම් විවේචනය කිරීම නිසා, ඇත්ත ම කොන් කිරීම පටන් ගත්තා. ඒක තමා ඉස්ලාමය වෙනුවෙන් සිද්ධ වුණු හොඳ ම දේ. මිනිස්සු ඇහුවා ම අසරණ මුස්ලිම් අය ට වෙනස්කම් වෙන බව, ඔවුන් දුවගෙන ආවා මුහම්මද් ගෙ උදව්ව ට. ඇබිසීනියාවෙ ක්‍රිස්තියානින්, මෙදිනාවෙ යුදෙව්වන්, සහ පිටත හිටි බහුදේවවාදී කාණ්ඩ ඔක්කොම එකඟ වුණා, එක් හෝ වෙනත් අවස්ථාව ක, නපුරු, මෝඩ, මක්කාවාසී "islam-o-phobe" ලා ගෙන් මුස්ලිම් අය බේරාගැනීමට.
දැන් ඔලුව ට ගන්න මුහම්මද් ඒ වෙද්දි ත් සැලසුම් කළා මේ මිනිස්සු ඔක්කොම යටත් කරගන්න. නමුත් ඔවුන් ඒක දන්නෙ නැහැ. ඔවුන් දන්නෙ මුස්ලිමුන් ව කොන් වුණු බව විතරයි. ඔවුන් ට අවශ්‍ය වුණා උදව් කරන්න.
මුහම්මද් සහ ඔහු ගේ සහචරයන්, ප්‍රමාණවත් තරම් මිත්‍ර සම්බන්ධතා සකස් කරගෙන, තව දුරටත් මක්කානුවන් ගේ අනුකම්පාව අනවශ්‍ය පිරිසක් වුණා ම, කුරානයේ පණිවුඩය එක පාර ම වෙනස් වුණා.
2වෙනි පියවර පැහැදිලි කිරීම ඊළඟ ලිපියෙන්.
Good article...
ReplyDelete