Tuesday, October 25, 2016

ඉස්ලාමය දූශිත ද - 2



"කුරානයෙන් බොහෝ කොටස් නැති වී ඇත"
-ඉබ්න් උමර් (අස්සුයූතලිත්කාන් ෆී උම්මුල්කුරාන්)

බුහාරි 6 61 510 : උස්මාන් තමා සම්පාදනය කළ කුරාන පිටපත සෑම ගම ක ට ම යැවූ අතර, අනෙක් සොයලු කුරාන කොටස් හා කුරාන, පුළුස්සා දැමීම ට අණ කළේ ය

මුස්ලිම් 2286 : හොඳ ම කුරාන කියවන්නන් ට ද අමත වූ සූරා තිබිණ

1 බර'අත් සූරාව තරම් දිග වූ සූරාවක්
2 ආදම් නිම්න 2ක් හරහා ඇවිද 3 වන නිම්නයක් වෙත පැමිණීම ගැන කියවෙන සූරාවක්
3 මුසබ්බිහත් සූරාවක ලක්ෂණ සහිත සූරාවක්

මුහාරි 6 61 527 : උබය්යද්, හොඳ ම කුරාන කියවන්නා වූ මුත්, ඔහු ගේ සමහර කියැවීම් පවා බැහැර කරන ලදී

කුරාන් 33 6 : මුහම්මද්, මුස්ලිමුන් ට, ඔවුන් ගේ මවුවරුන් ට ත් වඩා කිට්ටු ය
(පරිවර්තක උසුෆ් අලි ට අනුව, උබය්යද් ෆේ කුරාණය වැනි සමහර කුරාන වල ට අනුව, මුහම්මද් මුස්ලිමුන් ට පියෙකි!)

බුහාරි 6 61 521 : මුහම්මද්, හොඳ ම කුරාන ගුරුවරු ලෙස නිර්දේශ කරන්නේ, අබ්දුල්ලා, සලීම්, මු'ආද් හා උබය්යිද් ය

"මම, සයිද් ගේ කුරාන කියැවීම ට වඩා මුහම්මද් ගේ කියැවීම ට කැමැත්තෙමි"
-ඉබ්න් ස'අද් (කිතාබ ත්තබකතු ල්කබීර් වෙ 2 පි 444)

(ඔහු ට අනුව නම්, වත්මන් කුරානය දූශිත ය!)

තිර්මිදි 3104 : මුස්ලිමුන් මුස් හෆ් හෝ සයිද් ගේ කියැවීම ඉගෙන නොගත යුතුය

ඉබ්න් මජාහ් 1944 : නමෙහ්‍රම් කෙනෙකු ට තන කිරි දීම මඟින් කිරි දුන් පිද්ගලයා ට මෙහ්‍රම් කෙනෙක් බව ට පත්වීම හා ගල් ගසා මරාදැමීම පිළිබඳ කුරාන වගන්ති, කඩදාසිය ක ලියන ලදුව, පසු ව බැටළුවෙකු විසින් කා දමා තිබිණ

බුහාරි 6 61 509 : මුහම්මද් මිය යන විට ත්, කුරානය කිසිවකු විසින් ලියා නොතිබූ අතර, මුහම්මද් ගෙන් ම කුරානය උගත් බොහෝ පිරිස්, අබු බකර් විසින් මුනාෆික් වරුන් ට එරෙහි ව සටන ට යැවීම නිසා, ඝාතනය ට ලක් ව තිබිණ

ඊට පස්සෙ මෙහෙම යි උනේ

බුහාරි 6 61 509 : අබු බකර්, සයිද් ට, ඉතිරි ව තිබූ හා සොයාගත හැකි වූ කුරාන වගන්ති එක් කරන ලෙස දැනුම් දුන් අතර, සයිද් එය අත්පිටපතක් ලෙස සකස් කළේය

තිර්මිදි 3104 : ඉන් මඳ කල ක ට පසු, විවිධ ගම් ව්ල හුන් මුසලුවන් තමන් ගේ ම කුරාන සම්පාදනය කරගත් අතර, ඒවා එකිනෙක ට වෙනස් විය

(ඉබ්න් මසූද් කුරානයේ සූරා 111කි; උබය්යිද් කුරානයේ 116කි; සයිද් (වත්මන්) කුරානයේ 114කි)

මුස්ලිම් 2286,
බුහාරි 6 61 527 : තනික සූරා පමණක් නොව සමහර සූරා වල විශාල කොටස් පවා නැතිවිය

බුහාරි 6 61 510 : උස්මාන්, තමා ට හමු වූ කොටස් එකතු කොට, තමා ගේ "නිළ" කුරානය සකස් කොට, සාක්ෂි සියල්ල ගිනිබත් කළේ ය!

"උමර් ට එක් ආයාවක් සම්පූර්ණ මතක නොතිබිණ. ඔහු එය මතක තිබූ බව ට තමා දත් එක ම මිනිසා සොයා බැලූ විට, ඔහු යමාමා හි සටනින් ඝාතනය වූ බව අසා, මහත් කණගාටුව ට පත් විය"
-ඉබ්න් මසූද් (කිතාබු ල්මුසාහිෆ්)-

හ්ම්ම්...ඇයි අල්ලහ් තමන් ගෙ ම පොත රැකගන්න කිසිවක් නොකළෙ? තීරණය පාඨක ඔබ ට භාරයි

No comments:

Post a Comment