Friday, October 21, 2016
කුරානයේ වෙනස් අරාබි සංස්කරණ
1 කුරානය ගැන වඩාත් විශ්වාසදායී කියවන්නන් නම්,
නාෆි,
ඉබ්න් කසීර්,
අබු අමර්,
ඉබ්න් අමීර්,
හම්සා,
කිසායි හා,
ආසිම් ය
-සිරිල් ග්ලාසෙ-
සංක්ෂිප්ත ඉස්ලාමය පිළිබඳ විශ්වකෝෂය, පි 324
2 විවිධ කුරාන හා ඒවායේ භාවිත ප්‍රශේශ
(කියවන්නා>සන්නිවේදකයා>ප්‍රදේශය)
1 නාෆි>වර්ශ්>ඇල්ජීරියාව, මොරොක්කෝව, ටියුනීසියාව, බටහිර අප්‍රිකාව, සුඩානය
2 නාෆි>කාලුන්>ලිබියාව, ටියුනීසියාව>කටාර්
3 ඉබ්න් කසීර්>බාසි
4 ඉබ්න් කසීර්>කුන්බුල්
5 අබු අමර්>දූරි>සුඩානය, බටහිර අප්‍රිකාව
6 අබු අනර්>සූරි
7 ඉබ්න් අමීර්>හිශම්>යේමනය
8 ඉබ්න් අමීර්>ඉබ්න් සකුන්>යේමනය
9 හම්සා>ක්හලෆ්
10 හම්සා>ක්හල්ලද්
11 කිසායි>දූරි
12 කිසායි>අබු හරිත්
13 ආසිම්>හෆ්ස්>මුස්ලිම් ලෝකයේ පොදුවේ
14 ආසිම්>ඉබ්න් අයියාශ්
15 අබු ජෆාර්>ඉබ්න් වර්දන්
16 අබු ජෆාර්>ඉබ්න් ජමාස්
17 යකුබ්>රුවයිස්
18 යකුබ්>රුවහ්
19 ක්හලෆ්>ඉශාක්
20 ක්හලෆ්>ඉද්‍රිස්
-අබු අමාර් යසිර් කද්‍රි-
කුරානයේ විද්‍යාව ට හැඳින්වීමක්, පි 199
3 හෆ්ස් හා වර්ශ් සංසන්දනය (කුරාන 26යේ කතාව ලිපිය බලන්න)
21 112 (පෙර කී ලිපියේ 21 4 වගන්තිය හා සමාන ව යෙදේ)
2 9
හෆ්ස්>යක්හ්ද'ඌන (ඔවුන් රවටති)
වර්ශ්>යුක්හදි'ඌන (ඔවුන් රවටන්න තැත්කරති)
5 67
හ>රිසාලතුහු (ඔහු හේ පණිවුඩය)
ව>රිසාලතිහු (ඔහු ගේ පණිවුඩය)
4 "උස්මාන් අනුපිටපතේ කියවීම හා තේරුම" නම් පොතේ, හෆ්ස් සංස්කරණය ඇතුලත් අතර, එකඟ නොවන ලද වචන උලුප්පා පෙන්වා ඇත. එය වෙනුව ට එකඟ වන ලද වචන පැත්තකින් දක්වා ඇති අතර, එම වචනයේ වර්ණය අනුව, එකඟ නොවූ පුද්ගලයා පෙන්වයි
නිදසුන : රතු නම් වර්ශ්
රතු පැහැ වචන පමණක් 1354ක් එහි ඇත!
5 ෆාතිහා ඇරඹිය යුතු තැන් පිළිබඳ විද්වත්හු එකඟ නොවෙති
ශාෆි හා අහ්මද් යන ඉමාම්වරු සම අදහස් දරන අතර, මලික් හා අබු හනිෆා යන ඉමාම්වරු, එකිනෙකා හා සමාන එහෙත් ප්ව්‍ර කී ඉමාම්වරුන් ගෙන් වෙනස් මත දරති
කියවන්නන් ගෙන්, ඉබ්න් කසීර්, ආසිම් හා කිසාඊ,අනික් අය ට වඩා වෙනස් මත දැරූහ
-අබු අමාර් (පෙර කී පොත ම ය), පි 157-8
6 "ප්‍රසිද්ධ කියවන්නන් ගැන හැඳින්වීමක් සමඟ කුරාන කියවීම පිළිබඳ විශ්වකෝෂය"(අරාබි) පොතෙහි, සියලු වෙනස් වෙනස් කියැවීම් වාර්තාගත ය. මෙය සය වෙලුම් පොත කි.
7
බුහාරි 6 61 514 කුරානය, වෙනස් අහෘෆ් 7කින් හෙළි විය
8 අහෘෆ් යනු ඕනෑ ම දෙයක් විය හැක. කිසිවෙක් මෙහි ඇත්ත තේරුම නොදනී. ඉබ්න් කුතයිබා, සම්භාව්‍ය තේරුම් 35ක් ද, සයාතී 40ක ට වඩා ද දී ඇති අතර, ඉබ්න් ස'අදන් පවසා ඇති පරිදි, සත්‍ය ම තේරුම දන්නේ අල්ලහ් පමණි
-අබු අමාර් (පෙර පොත ම ය), පි 175
9 බුහාරි 6 61 510 උස්මාන් ගේ කල සිරියාවේ හා ඉරාකයේ මුස්ලිමුන් වෙනස් කුරාන කියැවූ බව
10 බුහාරි 6 61 510 උස්මාන් තනි කුරානයක් සාදා, එහි පිටපත් සියලු ගම් වල ට යවා, වෙනත් සියලු කුරාන හා කුරාන කොටස් ගිනිතැබීම ට නියම කළේය
11 කුරානය ලියැවුණු කාලයේ බා, තා, සා, යා, නූන් වල තිත් නොතිබූ නිසා, වෙන වෙන ම හඳුනාගැනීම ට ලිවූ විට අපහසු විය
-අහ්මද් වොන් ඩෙන්ෆර්, උල්ම් අල්කුරාන්, පි 57
අනවබෝධී මුස්ලිමුන් අතින්, වැරදි කුරාන කියැවීම් ජනිත විය
-අහ්මද් (පෙර පොත ම ය), පි 58
මම තව කිසිත් නො කියම්. කුරානය කෙතරම් විස්වාසනීය ද යන්න ඔබේ තීරණය කි...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment