ඉතින් අපේ මුස්ලිම් යාළුවො අපි ට කියනවා ඉස්ලාමය ට හැරෙන්න කියලා. අපි අහනවා "අපි ඇයි ඉස්ලාමය ට හැරෙන්න ඕන?". එයාල කියනවා "මොකද ඒක තමා සත්‍යය". අපි කියනවා "ඒත් බොහෝ ආගම් කියන්නෙ ත් ඒක ම යි. ඒ නිසා ආගමක් කිව් පමණින් අපි පිළිගන්න අවශ්‍ය නැහැ. අපි කොහොමද දන්නෙ ඉස්ලාමය ඇත්ත බව?". එතකොට එයාල කියනවා "කුරානය නිසා. ඒක ලියවිලා තියන විදිහ එක්ක ඒක දේව වාක්‍යයක් වෙන්න ම ඕන". අපේ සමහරු මේක අහලා ඇත්ත ට ම ඉස්ලාමය ට හැරෙනවා, මේක ඇත්ත ද කියලා හොයන්න මහන්සි නොවී. ඒත් අපි ට දෙයක් ඇත්ත නැත්ත තහවුරු කරගැනීම ට උවමනාව තියන නිසා, අපි විමසා බලනවා.
මුලින් ම, යම් ලියවිල්ලක් සාහිත්‍යමය වශයෙන් හොඳ වීම ඒක දේව වාක්‍යක් කියන්න තරම් හේතුවක් ද? ශේක්ස්පියර් ගෙ නාට්‍ය පිටපතක්, ගී ද මෝපසාං ගෙ කෙටිකතාවක්, බීතෝවන් ගෙ සංධ්වනියක් ගත්ත ත් හොඳ පෙළගැස්මක් තියනවා. ඒකෙ තේරුම එඈඅ දේව වාක්‍ය කියන එක ද?
මොනව උණත් අලි කුරානෙ ඇරලා බලනවා. එතකොට අපි ට දකින්න ලැබෙන්නෙ නරක ම, එපා ම වෙන, සංවිධානයක් ඇත්තෙ ම නැති පොත, හිතේ මවා ගන්න පුළුවන්. අපි ඒ බව අපේ මුස්ලිම් යාළුවන් ට කිව්වා ම ඔවුන් තමන් ගේ බලාපොරොත්තු කඩවීමේ උපරිමය වහගන්න කියනවා මෙහෙම.
"ඒක තේරෙන්නෙ අරාබියෙන් විතරයි"
මෙතන තියනවා ලොකු අවුලක්. සියලු මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ වූ පොතක් ඇයි එක භාශාවකින්, අපි බහුතරයක් කතා නොකරන භාශාවකින් විතරක් තේරෙන්නෙ?
මේකෙ තියන අනික් අවුල තමා ගොඩක් අරාබි මිනිසුන් ට ත් කුරානය නොතේරීම. හේතුව, කුරානය රචනා වෙලා තියෙන්නෙ සම්භාව්‍ය අරාබියෙන් නිසා.
ඒත් තත්වෙ තවත් නරක අත ට හැරෙනවා. මොකද, සම්භාව්‍ය අරාබි විද්වතුන් ට ත් කුරානෙ කොටස් තේරෙන්නෙ නැහැ. මෙන්න බලන්න.
"කුරානයෙන් 20%ක් සම්පූර්ණයෙන් අර්ථවිරහිත යි"
-ක්හර්ඩ් පුවින් (පුරාණ අරාබි භාෂා විද්වතෙක්)-
"කුරානයේ ඇති සමහර වගන්ති අසම්පූර්ණ ය; ව්‍යාකරණානුකූල ව වැරදි ට; සම්පූර්ණයෙන් ම පුරාණ අරාබි ත් නොව; කිසි ම ඉස්ලාමීය ඉගැන්වීම ක ට සම්බන්ධයක් නැත; ප්‍රධාන මාතෘකාවෙන් පිට ය"
-අලි දශ්ති (කතෘ, 23න් වසර)-
ඒ කියන්නෙ, එක්කො මුස්ලිම් අය කියන දේ අපි කිව් පමණින් පිළිගත යිතුයි. හෝ, අපි අවුරුදු ගණනාවක් ගත කරලා සම්භාව්‍ය අරාබි ඉගෙන ගෙන කුරානය ඉගෙන ගත යුතුයි. එතකොට යම් මොහොතක අපි ට තේරේවි ඉස්ලාමය හරි කියලා.
ඒත් මෙතන ලොකු අවුලක් තියෙනවා. මොකද කිව්වොත්, ඒ ප්‍රකාශය කුරානය කියන දේ ට සම්පූර්ණ පටහැනියි.
මුස්ලිම් අය ගෙ අවාසනාව ට වගේ, කුරානයේ හරිය ට ම කියනවා ඒක අරාබියෙන් පහළ වූ හේතුව.
කු 16 36 : “අල්ලාහ් ම නමදින්න. අයහපත් බලවේග වලින් වැළකෙන්නැ”යි (ප්‍රකාශ කරමින්) අපි සෑම ජන සමාජයක් අතුරින් ම දූතයෙකු එවීමු. අල්ලාහ් යහ මග පෙන් වූ අය ද එම ජන සමාජයෙහි සිටිය හ. දුර් මාර්ගය ස්ථීර වූ අය ද සිටිය හ. එබැවින් පොළොවෙහි සංචාරය කොට අසත්‍ය යැයි සිතූ අයගේ අවසානය කෙබඳු වී දැයි බලන්න.
නබිවරු හැම ජාතිය ට ම යවන ලදී
කු 36 5-6 : නොසැලකිලිමත් වූ ද මුතුන් මිත්තන්ට අවවාද නොකරන ලදුව සිටින්නා වූ ද ජන සමාජයකට ඔබ අවවාද කරනු පිණිස අබිබවන්නා වූ අසම සම දයාවන්තයා වෙතින් මෙය පහළ වූවකි.
මුහම්මද් ට පෙර අරාබින් ට නබිකෙනෙක් ලැබී නැත
(ඒ කියන්නෙ ඒ දවස් වල ඒබ්‍රහම් සහ ඉශ්මයිල් මක්කම කාබාව හදද්දි, පණිවිඩය දීල නෑ?)
කු 34 43-44 : අපේ පැහැදිලි වැකි ඔවුනට පවසනු ලබන විට “මොහු නුඹලාගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දැයින් නුඹලා වළක්වන්නට සිතන මිනිසෙක් ම යැ”යි ඔවුහු පවසති. “මෙය ප්‍රබන්ධ කරන ලද අපවාදයක් යැ”යි ද පවසති. තමන් වෙත සත්‍යය පැමිණි විට “මෙය පැහැදිලි හූනියමක් මිස වෙන නැතැ”යි (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන අය පවසති.
ඔවුන් කියවන සුළු කිසිඳු ධර්ම ග්රන්ථයක් අපි ඔවුනට නුදුනිමු. (මුහම්මද්,) ඔබට පෙර ඔවුන් වෙත අවවාද කරන කිසිවෙකු අපි නො එවීමු.
මුහම්මද් අරාබින් ට ලැබුණු 1වන නබි ය
කු 32 3 : “මොහු මෙය ප්‍රබන්ධ කළේ යැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොවේ ඔබට පෙර අවවාද කරන්නෙක් නොපැමිණි ජන සමාජයකට (මුහම්මද්) ඔබ අවවාද කරනු පිණිසත් ඔවුන් යහ මග ලබනු පිණිසත් (මෙය)ඔබේ දෙවියන් වෙතින් ඔබට පැමිණි සත්‍යය යි.
මුහම්මද් අරාබින් ට පහළ වූ 1වෙනි අවධාරකයා ය
කු 35 24 : අපි ඔබ සත්‍යය සමඟ සුබාරංචි කියන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද එවීමුග කවර ජන සමාජයක් වූව ද අවවාද කරන්නෙක් ඔවුනට නොපැමිණ සිටියේ නැත.
කිසිදු අවධාරකයෙක් මුහම්මද් ට පෙර අරාබින් ට පහළ වී නැත
කු 42 7 : (මක්කා නමැති) නගරයන්හි මාතාවට ද එය අවට සිටින අයට ද (මුහම්මද්,) ඔබ අවවාද කරනු පිණිස ද සැකයක් නැති එක් රැස් කරනු ලබන දිනය1 ගැන අවවාද කරනු පිණිස ද ඔබට (දන්නා) අරාබි489 බසින් කුර්ආනය දැනුම් දුනිමු. පිරිසක් ස්වර්ගයෙහි ද තවත් පිරිසක් නිරයෙහි ද සිටිති.
කුරානය අරාබියෙන් පහළ වූයේ, එය අරාබින් පමණක් සඳහා නිසා ය. මක්කම සහ ඒ අවට ජීවත් වෙන්නෙ අරාබින්, වඩා නිවැරදි ව කිව්වොත් අද්නන් ගෙන් පැවත එන මිනිසුන් (දකුණු අරාබි) විතරයි.
කුරානය, ඊට කලින් මැද පෙරදිග ම පහළ වුණු තෝරාව හෝ බයිබලය ට වඩා වෙනස් නිසා, මුස්ලිම් අය කියනවා "තිඅරාව සහ බයිබලය විලෘති වෙලා තිබ්බා" කියලා. ඒත් ඒක ත් කුරානෙ කියන දේ ට විරුද්ධ යි.
කු 3 3-4, 5 47, 5 68, 7 157, 10 94 අල්ලහ් තෝරාව හා ගොස්පෙල් 1 හෙළි කළ අතර, එය ආරක්ෂා කිරීම ත්, ඒ ගැන වගකීම ත් කරයි. එහෙනම් කුරානය අරාබියෙන් හෙළි වූ හේතුව වෙනස් එකක් විය යුතුයි.
කු 46 12 : මීට පෙර මූසාගේ ධර්ම ග්‍රන්ථය ආදර්ශයක් ද දයාවක් ද විය. මෙය අපරාධකරුවන්ට අවවාද කිරීමට ද යහපත කරන අයට සුබාරංචි කීමට ද අරාබි බසින් වූ ධර්ම ග්රන්ථයකි. (මෙය පෙර පැවති ධර්ම ග්රන්ථයන්) සත්‍යය කරවන්නකි.
කුරානය මෝසස් ගේ පොත (තෝරාව) අරාබියෙන් තහවුරු කිරීමක් පමණි
කු 6 155-7 : මෙය අපි පහළ කළ සෞභාග්‍යමත් ධර්ම ග්රන්ථයකි. එබැවින් මෙය අනුගමනය කරන්න. (අපට) බිය වන්න. නුඹලා දයාව දක්වනු ලබන්නෙහු ය.
“ධර්ම ග්‍රන්ථය පහළ වී ඇත්තේ අපට පෙර සිටි ජන සමාජයන් දෙකකට ය. අපි එය කියවීමට නොදැන සිටියෙමු”යි ද “අප වෙත ධර්ම ග්‍රන්ථය පහළ වූයේ නම් අප ඔවුනට වඩා යහ මග ලබා සිටින්නෙමු”යි ද නුඹලා ප්‍රකාශ නොකරනු පිණිස (අපි මෙම ධර්ම ග්‍රන්ථය පහළ කළෙමු). නුඹලාට නුඹලාගේ දෙවියන් වෙතින් පැහැදිලි සාධකයක් ද යහ මගක් ද දයාවක් ද පැමිණ ඇත. අල්ලාහ්ගේ වැකි අසත්‍යයැයි සිතා ඊට පිටු පාන අයට වඩා මහා අපරාධකරුවෝ කවරෙහු ද?අපේ වැකි වලට පිටු පාන අයට ඔවුන් පිටු පාමින් සිටි බැවින් දරුණුතම වේදනාව පිරිනමන්නෙමු.
කුරානය එවීමේ පරමාර්ථය අරාබින් ට කියාමත් දින දී, තමන් ට හෙළිදරව්ව නොලැබුණු බව ට නිදහස ට කරුණක් ඇති වීම වැළැක්වීම පමණි
මේක හරොය ට ම නිකම් අල්ලහ් මෙහෙම කියනවා වගේ.
"මම කොහොම ද මේක මීට වඩා පැහැදිලි කරන්නේ? යුදෙව්වන් ට තිඅරාව තියෙනවා. ග්‍රීසින් ට බයිබලය තියනවා. අරාබින් ට ඒ 2ම හරි යන්නෙ නැහැ මොකද ඔවුන් යුදෙවන් හෝ ක්‍රිස්තියානින් කියන දේ විස්වාස කරන්නෙ නැහැ. ක්වුන් හීබෘ හෝ ග්‍රීක් ඉගෙනගනීවි කොයලා මම හිතන්නෙ ත් නැති නිසා, මම අරාබි කුරානයක් යවනවා, අරාබින් වෙනුවෙන්"
කතාව මේක යි. ලෝකෙ හැම ජන කොටස ට ම දේව වාක්‍ය ලැබිලා තිබුණා. මේ දේව වාක්‍ය ගැලපුණේ ඒක ලැබුණු ජන කොටස් වල ට විතරයි. අරාබින් ට දේව වාක්‍යයක් ලැබිලාතිබුණෙ නැහැ. ඒ නිසා, අල්ලහ් කුරානය එව්වා ඔවුන් වෙනුවෙන්. එතකොට, සියලු ජන කොටස් වලට දේව වාක්‍යය ලැබිලා ඉවරයි.
දැන් මට තියන ප්‍රශ්නෙ මේක යි. "මුස්ලිම්" කියාගන්න අය, මේ අනුව බිහි විය යුත්තේ මක්කම අවට නගර වලින් විතරයි. එහෙනම් අපේ රටේ ඉන්න "මුස්ලිම්" අය කවුද?
මම හිතන්නෙ, දැන් පැහැදිලි ඇති ඇයි අරාබි ජාතික මුස්ලිම් අය ඇයි අරාබි නොවන මුස්ලිම් අය ට බල්ලන් ට වගේ සලකන්නෙ කියලා.
එහෙනම්...ඔබ අරාබි නොවන කෙනෙක් නම්, ඉස්ලාමය ඔබ ට ගැලපෙනවා ද? තීරණය ඔබ සතුයි.
හොඳ ලිපියක් දිගටම ලියන්න. මාගේ මතයනම් කුරාණය යනු බෛබලයේම සොරකම් කරනලද පිටපතක්
ReplyDelete:)
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteEla kollek
ReplyDeleteExcellent
ReplyDeleteContinue your writing...I'm more enthusiastic in reading this type of articles...