Friday, October 21, 2016
කුරානය දූශිත ද?
අස්සයූති, තම අල් ඉත්කන් ෆි උලුම් අල්කුරාන් පොතේ පවසන අයුරින්,
පි 524 ට අනුව, කුරානයෙන් බොහෝ කොටස් නැති විය
පි 525 ට අනුව, අල්ලහ් ගේ ආගම අල්හනිෆිය්යා ය (ඍජු මාර්ගය)
එසේ නම් අල්ලහ් ගේ ආගම ඉස්ලාමය නොවේ, හනිෆිය්යාව ද?
මුස්ලිම් වෙ 2 පි 501 ට අනුව, බර'අත් සූඋරාව තරම් දිගු හා තීව්‍ර සූරාවක් තිබූ අතර, එහි කොටසක් ඒ වෙද්දි ත් අමතක වී තිබිණ. එහි තිබූයේ ආදම් සතු සරුසාර වතු 2ක් සහ ඔහු එවැනි 3 වැන්නක් සොයද්දී, දුහුවිලි හැර කිසිත් ඔහු ගේ කුස නොපුරවයි වැන්න කි
අස්සුයූති තවදුරටත්,
පි 526 ට අනුව, මුසබ්බිහත් සූරාව ක ට සමාන වූ සූරාවක් විය. එය අමතක නොවී ඉතුරු වූයේ, අල්ලහ් මුස්ලිමුන් ගෙන් ඔවුන් උගන්නන දේ ම (ඉස්ලාමය) පිළිපදිනවා ද අසන අවස්ථාව හා, එසේ නැත්නම්, කියාමත් දින ට දඬුවම් ලැබෙන බව ය.
මුසබ්බිහත් යනු 57, 59, 61, 62, 64 සූරාවන් ය. මේවා ට මේ නම කියන්නේ, සුබ්බහ ලෙස ආරම්භ වන නිසා ය.
කුරානයේ
2 106 ට අනුව, අල්ලහ් මුස් හෙළිදරව්, පසු ඒවායින් වසාදමයි
3 3 ට අනුව, අල්ලහ් තෝරාව හා ගොස්පෙල් නිවැරදි බව තහවුරු කරයි
5 43 ට අනුව, යුදෙව්වන් ට කුරානය අනුව නොව තෝරාව අනුව ජීවත් වීම ට අල්ලහ් අවසර දේ
5 47 ට අනුව, කිතුණුවන් ට ගොස්පෙල් අනුව සිටීම ට අවසර දේ
5 68 ට අනුව, පුස්තකයේ මිනිසුන් (යුදෙව්වන් හා කිතුණුවන්) ට, කුරානය අනුව නොව තම තමන් ගේ පොත් අනුව ජීවත්වීම ට අල්ලහ් අවසර දෙයි
එසේ නම්, 2 106 වගන්තියේ පවසන්නේ කුරානය ට පෙර පහළ වූ පොත්, කුරානය විසින් ප්‍රතිස්ථාපනය කෙරෙන බව නොව, කුරානයේ ම මුල් වගන්ති, කුරානයේ ම පසු වගන්ති වලින් ප්‍රතිස්ථාපනය කරන බව කි
කුරානයේ 85 22 ට අනුව, අල්ලහ් හෙළිදරව්ව එවන්නේ, ස්වර්ගයේ ඇති නොවෙනස් වන ගල් පඩිය ක ඇති පණිවුඩය ට අනුව ය
දැන්, පෙර කී විස්ථාපිත හා අතුරුදන් වූ වගන්ති සලකා බලමු.
එම වගන්ති පෙර කී පඩියේ සටහන් වී ඇත්නම්, වත්මන් කුරානය වැරදි ය.
සටහන් වී නැත්නම්, ඒවා මුහම්මද් ට ආවේ කොහෙන් ද?
කුරානය 16 101 ට අනුව, අල්ලහ් ආයාවන් එකක් වෙන එකකින් ප්‍රතිස්ථාපන්ය කරයි
දෙසායි, තම සැක කළ නොහැකි කුරානය නම් පොතේ,
පි 48-49 හි පවසන පරිදි, මුහම්මද් ජීවත් වූ කාලයේ විස්ථාපනය වූ ආයාවක්, නැවත කුරානය ට ඇතුලත් කළ නොහැක
බුහාරි වෙ 6 පි 489 ට අනුව, උබයි යනු හොඳ ම කුරාන් කියවන්න වූ නමුත්, ඔහු කියවූ සමහර වගන්ති නොසලකා හරිනු ලැබීය. උබයි ඒවා මුහම්මද් ගේ මුවින් ම අසා තිබුණත්, ඒවා පසු ආයා වලින් ප්‍රතිස්ථාපිත බව විස්වාස කෙරිණ
වෙ 5 පි 288 ට අනුව, "අප අපේ රජතුමා හමු වූ බව ට ආරංචිය මිනිසුන් ට දැනුම් දෙන්න, ඔහු අප හා සතුටු ය, සහ ඔහු අප සතුටු කළේ ය" යන ආයාව, පසුව අවලංගු විය (අල්ලහ් නැවත භාරගනු ලැබීය)
අස්සුයූති තවදුරටත්,
පි 527 ට අනුව, පෙර කී වගන්තිය මුලින් එවනු ලැබ පසුව ආපසු අල්ලහ් විසින් බාරගනු ලැබීය
කුරාන් 2 106, 16 101 ට අනුව, අල්ලහ් ආයාවන් ප්‍රතිස්ථාපනය කරන්නේ වඩා හොඳ් හෝ පෙර වැනි ම වගන්ති වලිනි
එසේ නම්, පි 288 හි සඳහන් ආයාව ප්‍රතිස්ථාපනය කළ ආයාව කොහි ද?
කුරාන්
2 219 ට අනුව, වයින් වල හොඳ හා නරක බාපෑම් ඇත
4 43 ට අනුව, මත්ගතිය සහිත ව නැමඳුම තහනම් ය
5 93-4 ට අනුව, වයින් සපුරා තහනම් ය
පසු වගන්තිය, මුල් වගන්ති 2ම අවලංගු කරන නිසා, දෙසායි හරි නම්, කුරානයේ අන්තර්ගත විය යුත්තේ අන්තිම වගන්තිය පමණි. අනික් ඒවා ඉවත් විය යුතු මුත්, ඒව ඉවත් වී නැත!!
දෙසායි වැරදි නම්, මුල් වගන්ති 2 අන්තිම 1න් අවලංගු වෙනේ නැත. එසේ නම්, අන්තිම වගන්තිය අනික් 2 හා පරස්පර ඇයි?
මුස්ලිම් වෙ 2 පි 501 ට අනුව, නොසන්සිඳෙන තන්හාවෙන් යුතු මිනිසා පිළිබඳ වගන්තිය (ආයාව) අඩංගු සූරාව, අමතක විය
අස්සූති තවදුරටත්,
පි 525 ට අනුව, එම ආයාව මෙය යි
"නියතව ම අල්ලහ් පවසයි, අපි දන් දීම හා සලාතය පැවැත්වීම සඳහා ම ධනය එව්වෙමු, සහ ආදම් ගේ පුතා ට ෂනයෙන් පිරි නිම්නයක් ඇතොත් ඔහු තව එවැන්නක් සොයා යයි, සහ ඔහු තවත් එවැන්නක් ලදහොත්, ඔහු 3වැන්නක් සොයා යයි, සහ දූවිලි හැර කිසිත් ආදම් ගේ පුතා ගේ උදරය සෑහීම ට පත් නොකරයි, නමුත් අල්ලහ් නම්‍යශීලී වන්නේ නම්‍යශීලී වන්නන් ට ය"
(නමුත් මේ සූරාව, කුරානයේ නැත!)
තවදුරටත්, පි 525 ට අනුව, අල්-බර'අහ් තරම් දිග සූරාවක්, ප්‍රතිස්ථාපනය කරන ලද නිසා, අත්හරිනු ලැබීය
මුස්ලිම් වෙ 2 පි 500 ට අනුව, උබයි ට කුරානය ට ඇතුලත් කළයුතු ම බව ට විස්වාස තිබූ සූරාවත්, අනස්, ඉබ්න් අබ්බාස් හා ඉබ්න් සුබයිර් ප්‍රතික්ෂේප කළහ. එම සූරාව, ප්‍රතිස්ථාපිත වශයෙන් සලකන ලදී
බුහාරි වෙ 8 පි 539 ට අනුව, උමාර් ට, ගල් ගසා මැරීම පිළිබඳ ආයාව කුරානයෙන් ඉවත් වේවි යැයි බියක් විය
(අදාල ආයාව වත්මන් කුරානයේ නැත!)
කු 24 2 ට අනුව, අනාචාරයේ හැසිරෙන්නන් ට කසපාර 100ක් දිය යුතුය
මේ අපරාධය ට දිය යුතු 1ම දඬුවම ලෙස කුරානයේ කියන්නේ මෙය පමණි
මුවත්තා මලික් පි 350 ට අනුව, තමා අනාචාරයේ හැසිරුණු බව ට 4 වතාවක් ශපත කළ මිනිසකු ට ගල් ගැසීම ට මුහම්මඩ් නියම කළේය
අස්සුයූති තවදුරටත්,
පි 524 ට අනුව, අලස් හාබ් සූරාව, අල්බකරා තරම් ම දිගු වූ අතර, ගල් ගැසීම පිළිබඳ වගන්තිය එහි විය
(දැන්, අලස් හාබ් සූරාව, වගන්ති 73ක් පමණ වන අතර, ගල් ගැසීම පිළිබඳ වගන්තිය එහි නැත! බකරා සූරාව වගන්ති 286ක් දිග ය!
වගන්ති 213ක් ම අලස් හාබ් සූරාවෙන් පමණක් අතුරුදන් වී ඇත!)
එම වගන්තිය නම්,
"විවාහක පිරිමින් හා විවාහක කාන්තාවන් අතර අනාචාරීන් ට, අල්ලහ් ගේ නිදර්ශනාත්මක දඬුවමක් වශයෙන් ගල් ගසන්න, සහ අල්ලහ් ප්‍රබල සහ බුද්ධිමත් වන්නේ ය"
(24 2 වගන්තිය විවාහක අවිවාහක බවක් නොසලකන බව ට අවධානය යොමු කරන්න)
අස්සුයූති තවදුරටත්,
පි 528 ට අනුව, උමාර් ගල් ගැසීමේ වගන්තිය සටහන් කරගන්න ට මුහම්මද් ගෙන් අවසර පැතූ විට, මුහම්මද් ඊට අකමැති බවක් පෙන්වීය
නූතන ඉස්ලාමීය ග්‍රන්ථයක් වන අල්බලාග්හ් හි පි 2 ට අනුව, හදීස් වල ට අනුව ම, උමාර් වැරදි කර ඇත
නමුත් මේ චෝදනා කරන්නේ, 20වෙනි සියවසේ මුස්ලිම් පඬිවරයෙක්, මුහම්මද් ව පිද්ගලික ව ම හමු වූ කලීෆ්වරයෙකු ට ය!
මුවත්තා මලික් පි 352 ට අනුව, ගල් ගැසීම පිළිබඳ වගන්තිය, ලිඛිත කුරානය ට ඇතුලත් නො කරන ලද බව උමාර් දැන සිටිය ද, ඔහු එය ඇතුලත් කිරීම ට පසුබැස්සේ, තම මිනිසුන් තමා ගැන වරදවා සිතීම ට බිය නිසා ය. ඒ වෙනුව ට එය සුන්නාවක් (නබි සම්ප්‍රදායක්) ලෙස ගෙනයාම ට ඔහු නියම කළේය
දෙසායි තවදුරටත්,
පි 48 ට අනුව, ගල් ගැසීම පිළිබඳ වගන්තිය ප්‍රතිස්ථාපනය විය
(නමුත් කලිෆ් උමාර් ට අනුව, එය එසේ වූයේ නැත!)
මුස්ලිම් වෙ 2 පි 740 ට අනුව, අල්ලහ් තන කිරි දීම මඟින් කෙනෙක් තම මෙහ්‍රම් (කසාදය ට අකැප) කෙනෙක් බව ට පත් කර ගැනීම පිළිබඳ වගන්තිය ලබාදුන්නේ ය. මුලින්, කිරි දිය යුතු වාර ගණන 10ක් ලෙස ද, පසුව ප්‍රතිස්ථාපනයක් මඟින් 5ක් ලෙස ද කළේය. අයිශා ට මෙය කුරාන වගන්තියක් බව ට විස්වාසය තිබිණ
(මෙම වගන්තිය ද වත්මන් කුරානයේ නොපවතී!)
ඉතින් දෙසායි ගේ ප්‍රකාශය, නැත්නම් "අතුරුදන් වගන්ති සියල්ල ප්‍රතිස්ථාපිත ය" යන්න වැරදි ය
ඉතින්, ඉස්ලාමයේ විශ්වසනීයත්වය මේ ඇසුරින් නිර්ණය කිරීම පාඨක ඔබ ට භාරයි...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment