Monday, October 24, 2016

ඉස්ලාමය ට පෙර පැවති ආගම් පිළිබඳ ඉස්ලාමීය මතය



මුස්ලිම් අය පවසන කාරණය නම්, කුරානය පහළ වීම ට පෙර දෙවියන් විසින් පහළ කළ සියලු අගම් විකෘති වූ බව ත්, කුරානය යනු දෙවියන් විසින් එවූ අන්තිම හා නොවෙනස් වචනය බවත් ය. දැන් මෙහි ප්‍රශ්න කිහිපයක් ඇත

1 තමන් ගේ වචනය තමන් ගේ ම කැමැත්ත ට විකෘති කරන දෙවියා පිස්සෙක් නොවේ ද?
2 තමන් එවන ලද වචනය තමන් ගේ කැමැත්ත ට පිටින් කෙනෙක් වෙනස් කළා නම්, වචනය එවූ කෙනා සර්වබලධාරී වන්නේ කෙසේ ද?

කොහොම නමුත් අපි බලමු, කුරානය ට පෙර පැවති පොත් ගැන ඉස්ලාමය කියන්නේ කුමක් ද කියා...

කුරාන් 3 3-4 ට අනුව, තෝරාව (යුදෙව්) සහ ගොස්පෙල් 1 (ක්‍රිස්තියානි) හෙළි කරන ලද්දේ අල්ලහ් ය

6 114-5, 18 27 ට අනුව, අල්ලහ් ගේ වචනය කාටවත් වෙනස් කළ නොහැක (එහෙනම් ඉතින් පැහැදිලිව ම මුස්ලිම් තර්කය බොරුවක් වෙන්න ම ඕන)

7 157 ට අනුව, පොතේ මිනිසුන් ට තාමත් තමන් ගේ පොත් වළංගු ය

5 43 ට අනුව, යුදෙව්වන් ට කුරානය අනුව ජීවත් වීම අවශ්‍ය නැත. තෝරාව අනුව සිටීම ප්‍රමාණවත් ය

5 47 ට අනුව, ක්‍රිස්තියානින් ට ගොස්පෙල් 1 අනුව ජීවත්වීම ප්‍රමාණවත් ය

10 94 අනුව, අල්ලහ් ගේ හෙළිකිරීම් ගැන මුහම්මද් ට සැකයක් ඇති වූ අතර, තෝරාව හා ගොස්පෙල් 1 අධ්‍යනය කර සැකය නැති කරගන්නා ලෙස අල්ලහ් පවසයි

තිර්මිදි 2653 ට අනුව, කුරානය අනුව පමණක් ජීවත් වීම නියම මාර්ගය නොවන බව මුහම්මද් ම පවසයි (එනම්, තෝරාව හා ගොස්පෙල් 1 ආරක්ෂා වූ බව ඔහු විස්වාස කළේය)

එමෙන් ම, ජේසු ගැන කුරනය පවසන්නේ බයිබලය පවසනවා ට වෙනස් දෙය කි. එකක් හරි නම් අනික අනිවාර්යයෙන් ම වැරදි ය.

බයිබලය හරි නම් කුරානය වැරදි ම ය.

බයිබලය වැරදි නම්, කුරානයේ බයිබලය දෙවියන් ගේ වචනය බව ත්, එය වෙනස් කළ නොහැකි බවත් කියා ඇති නිසා, කුරානය ආයෙත් වැරදි ය

එනිසා, බයිබලය හරි වුවත් නැතත්, කුරානය වැරදි ය

දැන් පෙනෙන්නේ කුමක් ද? කුරානය ට පෙර පැමිණි පොත් වැරදි බව ද? තීරණය පාඨක ඔබ සතුයි

1 comment:

  1. බයිබලය වෙනස් වූ නිසා තමයි අලුතෙන් කුරානය පහළ වුණේ.වෙනස් වෙච්ච දෙයක් එක්ක සැසදීම වැරදිය.මන්ද

    ReplyDelete